මැතිවරණ නීති උල්ලංඝනය කළ අපේක්ෂකයින් 08 දෙනෙකු සහ ආධාරකරුවන් 05 දෙනෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, අද උදෑසන 06.00න් අවසන් වූ පැය 24 තුළයි.
මැතිවරණයට අදාළ අපරාධමය පැමිණිලි 04ක් සහ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් පිළිබඳ පැමිණිලි 15ක් එම කාල සීමාව තුළ ලැබී ඇති බවයි පොලීසිය පැවසුවේ.
ඒ අනුව, ඉකුත් මාර්තු මස 03 වනදා සිට අද උදෑසන 06.00 දක්වා කාලය තුළ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් අපේක්ෂකයින් 54 දෙනෙකු සහ ආධාරකරුවන් 204 දෙනෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම කාල සීමාව තුළ පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ලැබී ඇති අපරාධමය පැමිණිලි 116ක් සහ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් පිළිබඳ පැමිණිලි 452ක් ලැබී ඇති බවයි පොලීසිය පැවසුවේ.
අදාළ කාල සීමාව තුළ මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධීන්වලට අදාළව වාහන 46ක් පොලිස් භාරයට ගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා.
Saru FM Media