මැතිවරණ කොමිසම සහ දේශපාලන පක්ෂ ලේකම්වරුන් අතර විශේෂ සාකච්ඡාවක්

0
7


පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළව ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂවල ලේකම්වරු සහ මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල ප්‍රධාන නියෝජිකයින් අද මැතිවරණ කොමිසමට කැඳවා තිබෙනවා. 

මැතිවරණ කොමිසමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකවරයෙකු නෙත් නිවුස් වෙත පැවසුවේ පළාත් පාලන මැතිවරණයේදී පක්ෂ ලේකම්වරුන් සහ නිරීක්ෂණ සංවිධාන ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි. 

මේ අතර මැතිවරණ කොමිසම ද අද පස්වරුවේ රැස්වී ඉදිරි මැතිවරණයට අදාළව තීරණ රැසක් ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ. 

අද පැවැත්වෙන සාකච්ඡා සම්බන්ධයෙන් පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා මෙලෙස කරුණු පැහැදිලි කළා.

Neth Sound · ELE ROHANA 01

මෙවර පළාත් පාලන මැතිවරණයේ ප්‍රචාරණ කටයුතු සම්බන්ධයෙන් ග්‍රාමීයව සහ ප්‍රාදේශීය මට්ටමින් පසුගිය මැතිවරණවලට සාපේක්ෂව දැඩි උනන්දුවක් දක්නට නොලැබෙන බවයි රෝහණ හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් පැවසුවේ.

Neth Sound · ELE ROHANA 02



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here