මැතිවරණ කොමිසම අපේක්ෂකයන්ගෙන් කළ ඉල්ලීම

0
11


පළාත් පාලන මැතිවරණයේ වියදම් සීමා අනුව කටයුතු කරන ලෙස මැතිවරණ කොමිසම් සභාව සියලුම දේශපාලන පක්ෂ සහ අපේක්ෂකයන්ගෙන් ඉල්ලීමක් කරයි.
මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කරන්නේ, අදාළ වියදම් සීමා තීරණය කර ඇත්තේ එක් එක් පළාත් පාලන ආයතනවල භූමි ප්‍රදේශය, ජනගණත්වය ආදී කරුණු සැලකිල්ලට ගනිමින් බවය.
මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙලෙස මැතිවරණ වියදම් සීමා හඳුන්වා දෙනු ලැබූවේ නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම අරමුණු කරගනිමිනි.
මේ වනවිට පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම මැයි මස 06 වැනිදා පැවැත්වීමට දින නියම කර තිබේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here