2025 පළාත් පාලන මැතිවරණයට අදාළ නිල ඡන්ද පත්‍රිකා මෙතෙක් ලැබී නොමැති ඡන්ද දායකයෙකු වේ නම් හෙට දිනයේ ද අදාළ තැපැල් කාර්යාලයෙන් එය ලබාගත හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
එහි සභාපති ආර් එම් ඒ එල් රත්නායක මහතා පැවසුවේ නිල ඡන්ද පත්‍රිකාව නොමැති වුවද සිය අනන්‍යනතාවය තහවුරු කර ඡන්දය ප්‍රකාශ කළ හැකි බවයි.
ඡන්දය නිවැරදිව භාවිතා කළ යුතු ආකාරය පිළිබඳව ද මෙහිදී මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක මහතා පැහැදිළි කළා.
Saru FM Media