මැතිවරණ කොමිෂන් සභාව පාර්ලිමේන්තුව අගයයි

0
7

බොට්ස්වානාහි ගැබරෝන්හි පැවති 21 වන ජාත්‍යන්තර මැතිවරණ සම්මාන උලෙළේදී පසුගිය වසරේ ලොව හොඳම මැතිවරණ කොමිෂන් සභාව වෂයෙන් සම්මානයට පාත්‍රවූ ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව අගය කිරීම හා එළඹෙන නොවැම්බර් 13 වන දින රාජ්‍ය සේවයෙන් විශ්‍රාම දිවියට පාතබන මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතාගේ සේවය ඇගයීම වෙනුවෙන් වන උත්සවයක් අද (10දා) පැවැත්විණ.

පැෆ්රල් සංවිධානය විසින් සංවිධානය කොට තිබූ එම උත්සවය සඳහා සභානායක අමාත්‍ය බිමල් රත්නායක, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස, ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ මහතා ඇතුලු පක්ෂ විපක්ෂ දේශපාලන නියෝජිතයින්දල මැතිවරණ මැතිවරණ කොමිෂන් සභාවන් නියෝජනය කල හිටපු කොමසාරිස්වරුන්ද දිස්ත්‍රික් මැතිවරණ සහකාර හා නියෝජ්‍ය කොමසාරිස්වරුන් ඇතුලු රාජ්‍ය නිලධාරීන් හා සිවිල් සංවිධාන නියෝජිතයින්ගේ සහභාගීත්විණ. මැතිවරණ කොමිෂන් සභාව අගය කරමින් හිටපු සභාපතිවරුන් වන මහින්ද දේශප්‍රියල නීතීඥ නිමල් පුංචිහේවා හා වත්මන් කොමිෂන් සභා සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක යන මහත්වරුන්ට එහිදී සම්මාන පිරිනැමිණ.

සභාව ආමන්ත්‍රණය කල සභානායක, විපක්ෂනායක ඇතුලු ආරාධිතයින් මැතිවරණ කොමිෂන් සභාව පසසමින් සිය අදහස් දැක්වීම් සිදුකල අතර පළමු මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් මැතිවරණ කොමිෂන් සභාවේ ඓතිහාසික ගමන් මග පිළිබඳ පැහැදිලි කිරීමක්ද සිදුකරන ලදි.

එමෙන්ම දෙවන මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වූ නීතීඥ නිමල් පුංචිහේවා මහතාද වර්තමාන සභාපතිවරයා වන ආර්ගඑම්ගඒගඑල් රත්නායක මහතාද අදහස් දැක්වීය.

අනතුරුව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතාගේ සේවය ඇගයීම වෙනුවෙන් සම්මානයක් පිරිනැමීද සිදුවූ අතර අමාත්‍ය බිමල් රත්නායකල විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හා පැෆ්රල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහත්වරුන් විසින් එම සම්මානය පිරිනමනු ලැබිණ.
සභාව ආමන්ත්‍රණය කල මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා විසින් රාජ්‍ය නිලධාරියෙකු වශයෙන් තමන් කටයුතු කල ආකාරය හා මුහුණදුන් අභියෝගද ඒවා විසඳගැනීමට කටයුතු කල ආකාරයද සම්බන්ධයෙන් අදහස් දැක්වූ අතර මැතිවරණ කොමිෂන් සභාව බොට්ස්වානා රාජ්‍යයේදී පසුගියදා සම්මානයට පාත්‍රවීම පිටුපස බොහෝ පිරිසක් සිටින බවත් ඔවුන්ට ස්තූති කිරීමටද මෙය අවස්ථාවක් කරගන්නා බවත් පැවසූ අතර තමන් සමග සමීපව කටයුතු කරන රාජ්‍ය ආයතනයක් ඇගයීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් පැෆ්රල් සංවිධානයට සිය ස්තූතිය පලකරන බවද පැවසීය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here