මැතිවරණයට අදාළ පැමිණිලි ගණන ඉහලට

0
18


පළාත් පාලන ආයතන මැතිවරණයට අදාළව මේ දක්වා පැමිණිලි 608ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

නීති උල්ලංඝනය කිරීම්වලට අදාළව පැමිණිලි 566ක් ඒ අතර වන බවයි එම කොමිෂන් සභාව පැවසුවේ.

පසුගිය මාර්තු මස 20 වනදා සිට අප්‍රේල් 04 වනදා දක්වා කාලය තුළ එම පැමිණිලි ලැබී තිබෙනවා. අදාළ පැමිණිලිවලින් 537ක්ම ලැබී ඇත්තේ දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය වෙත බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ. 

සමස්ත පැමිණිලි 608න් 502ක්ම මේ වන විට විසඳා තිබෙනවා.

සෙසු පැමිණිලි 106 සම්බන්ධයෙන් තවදුරටත් ක්‍රියා කරමින් පවතින බවයි මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් පැවසුවේ.

පළාත් පාලන මැතිවරණයට අදාළව නීති උල්ලංඝනය කිරීමේ සිද්ධීන් 85ක් වාර්තා වී ඇතැයි පැෆ්රල් සංවිධානය කියා සිටියා.

මේ ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා.

Neth Sound · ELE ROHANA 01

මේ අතර මේ දක්වා කාලය තුළ ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන අයතනය වෙත පැමිණිලි 30ක් ලැබී ඇති බව එහි විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා පැවසුවා.

Neth Sound · ELE MANJULA 03


මේ ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන අයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා.

 

Neth Sound · ELE MANJULA 02



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here