මැඩගස්කරයේ බලය එරට හමුදාව අල්ලයි

0
2

මැඩගස්කර හමුදාව විසින් එරට පාලනය අත්පත්කර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මැඩගස්කරයේ තරුණයින් ප්‍රමුඛ එරට විරෝධතා හමුවේ මැඩගස්කරයේ ජනාධිපති ඇන්ඩ්‍රි රාජොයිලිනා පලාගොස් තිබුණි.

මෙම විරෝධතා සඳහා විරෝධතාකරුවන්ට මැඩගස්කරයේ ආරක්ෂක හමුදාවලද සහාය ලැබුණු බව වාර්තා වෙයි.

එවන් පසුබිමක මැඩගස්කර හමුදාව එරට පාලනය භාරගෙන ඇති බව හමුදා කර්නල්වරයෙක් අද (14) පැවසීය.

මේ අතර මැඩගස්කරයෙන් පලාගිය ජනාධිපතිවරයාට ධුරයෙන් පහකිරීම සඳහා දෝෂාභියෝගයක් ගෙන ඒමටද මැඩගස්කරයේ  පාර්ලිමේන්තුව විසින් කටයුතු කර තිබුණි.

කෙසේ වෙතත් මැඩගස්කරයේ ජනාධිපතිවරයා පවසා ඇත්තේ, පාර්ලිමේන්තුව විසුරුවා ඇති පසුබික දෝෂාභියෝගය ගෙන ඒම ව්‍යවස්ථා විරෝධී බවය.
 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here