අපහාස උපහාස තර්ජන ගර්ජන මඩ ප්‍රහාර කුමන්ත්‍රණ හා අභියෝග මැද සමගි ජන බලවේගය වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කර සහයෝගය ලබා දුන් ජනතාවට සිය ආචාරය පුද කර සිටින බවත් අප රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම වෙනුවෙන් ඉදිරියට පැමිණ මෙම මැතිවරණය ශක්තිමත් කිරිමට සහයෝගය ලබා දුන් සියලුම රට වැසියන්ට සිය ගෞරවය පුදකර සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News
මෑත කාලයේ ජනාධිපතිවරණය හා මහමැතිවරණයේ දී විශාල ජනවරම් දෙකක් ලබා ගත් රජය මාස 6ක් වැනි කෙටි කාලයක් තුළ අතිවිශාල පරිහානියකට කඩාවැටීමකට ලක්ව ඇති බවත් රටේ ජනතාව විසින් විපක්ෂයේ සියලු දෙනා එකට එකතු කර ගෙන කටයුතු කරන ලෙසට පණිවිඩයක් ලබා දී ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණ මෙම පළාත් පාලන මැතිවරණය ක්‍රියාත්මක කළේ ජනාධිපතිවරණය ක්‍රියාත්මක කරන ආකාරයට බවත් මොවුන් ආගම දහම පවා මැතිවරණය වෙනුවෙන් භාවිත කළ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.
රටේ ජනතාව මේ වන විට බොරුවට තිත තබා ඇති බවත් රටේ ජනතාව සත්‍යවාදී මහජන සේවාවක් අනුමත කර ඇති බවත් බොරුවට තිත තබා බොරුව පරාජය කරමින් සත්‍යවාදී ශක්ති සම්පන්න මහජන සේවාවක් උදෙසා විපක්ෂයේ සියලුම බලවේග එකතු විය යුතු යැයි කියන ජන මතය තුළ මේ අභියෝගාත්මක වගකීම වෙනුවෙන් නායකත්වය ලබා දෙන්න සමගි ජන බලවේගය සූදානම් බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන පුද්ගලයන් ලෙස ජනමතයට හිස නමා විපක්ෂයේ සියලුම දෙනා එකට එකතු කර ගෙන ජනතාව අපේක්ෂා කර විශිෂ්ට ජනතා සේවාවක් විනිවිදභාවයෙන් යුක්තව ප්‍රතිපත්ති ගරුකව එකමුතුභාවය හරහා රටේ ජනතාවට දැවැන්ත සේවාවක් ඉටු කරන බවත් ඒ වෙනුවෙන් සමගි ජන බලවේගය නායකත්වය ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.
Saru FM Media