අපහාස තර්ජන මඩ ප්‍රහාර කුමන්ත්‍රණ හා අභියෝග මැද සමගි ජන බලවේගය වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කර සහයෝගය ලබාදුන් ජනතාවට සිය ආචාරය පුද කර සිටින බවත්, රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම වෙනුවෙන් සහාය ලබාදුන් සියලු රට වැසියන්ට ගෞරවය පුදකරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. මැතිවරණ ප්‍රතිඵල නිකුත් වීමෙන් පසුව මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ඒ මහතා පළකළ එම අදහස් දැක්වීම පහත පළවේ. Sri Lanka Latest News
‘අපහාස උපහාස, තර්ජන ගර්ජන, මඩ ප්‍රහාර, කුමන්ත්‍රණ, අභියෝග මැද සමගි ජන බලවේගය වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කර සහාය ලබාදුන් දසලක්ෂ සංඛ්‍යාත අපේ ආදරණීය ජනතාවට අපේ ආචාරය පුදකරනවා. අප රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම වෙනුවෙන් ඉදිරියට පැමිණ මේ මැතිවරණය ශක්තිමත් කරන්න සහභාගි වුණු සියලු රටවැසියන්ට මාගේ ගෞරවය මේ අවස්ථාවේ පුදකර සිටිනවා.
මෑත කාලයේ ජනාධිපතිවරණයක්, මහ මැතිවරණයක් හරහා විශාලතම ජන වරම් ලබාගත්ත රජය මේ වර්තමාන ජනතා විමුක්ති පෙරමුණේ රජයයි. එනමුත් මාස 06ක් වැනි කෙටි කාලයක් තුළ අතිවිශාල පරිහානියක, කඩාවැටීමකට මේ රජය ලක්වෙලා තිබෙනවා. රටේ ජනතාව අපිට ලබාදීලා තිබෙන පණිවුඩය තමයි විපක්ෂයේ සියලු දෙනා එකට එකතු කරගනිමින් කටයුතු කිරීම. ජනතා විමුක්ති පෙරමුණ මේ පළාත් පාලන මැතිවරණ හරියට ක්‍රියාත්මක කළේ ජනාධිපතිවරණයක්, මහ මැතිවරණක් ක්‍රියාත්මක කරන ආකාරයට. ආගම ධර්මයත් පාවිච්චි කළා මැතිවරණ ජයග්‍රහණය උදෙසා. නමුත් රටේ ජනතාව බොරුවට තිත තැබුවා. රටේ ජනතාව අනුමත කළා සත්‍යවාදී මහජන සේවාවක්. බොරුවට තිත තබා බොරුව පරාජය කරමින් සත්‍යවාදී ශක්තිසම්පන්න මහජන සේවාවක් උදෙසා විපක්ෂයේ සියලු බලවේග එකතු වියයුතු යැයි කියන ජන මතය තුළ ඒ අභියෝගාත්මක වගකීම ඉෂ්ට කරන්නට අපි සූදානම්. ඊට නායකත්වය ලබාදෙන්නට අපි සූදානම්.
ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන පුද්ගලයන් හැටියට ජන මතයට හිස නමන්න. විපක්ෂයේ සියලු දෙනා එකට එකතු කරගනිමින් ජනතාව බලාපොරොත්තු වෙන විශිෂ්ට ජනතා සේවාවක් විනිවිදභාවයෙක් යුක්තව, ප්‍රතිපත්තිගරුකව මේ ඇතිවෙන සාමූහිකත්වය, එකමුතුභාවය හරහා රටේ ජනතාවට දැවැන්ත සේවාවක් ඉෂ්ට කිරීම අපේ අරමුණයි. ඒ නිසා මේ එකමුතුවට නායකත්වය ලබාදෙන්නට අපි සූදානම්.’
Saru FM Media