බ්‍රොන්කියෝලයිටිස් වයස මාස හයට අඩු දරුවන් අතර වෛරසයකින් පැතිරී යන රෝගයකි. අපේ ශ්වසන පද්ධතියේ කාර්යය වන්නේ වායු හුවමාරුවයි. එනම්, සෛල ශ්වසනයට අවශ්‍ය ඔක්සිජන් රුධිරයට සැපයීමයි. සෛල ශ්වසනයෙන් පසු ඇතිවන අපද්‍රව්‍ය වන කාබන්ඩයොක්සයිඞ් වායුව රුධිරයෙන් පිට කිරීම පෙණහලූවල කාර්යයයි. ඉහත විස්තර කළ රෝගී තත්ත්වය නිසා දරුවාගේ වායු සංසරණ කි‍්‍රයාවලිය නිසි පරිදි සිදු නොවේ.
වෛරස් ආසාදනය හේතුවෙන් දරුවාගේ කුඩා ශ්වසන නාළිකා ඉදිමුමට ලක්වේ. එවිට ශ්වාසනාලිකාවල විවර කුඩා වේ. එමෙන්ම වෛයිරස් ආසාදනය නිසා බහුලව ශ්‍රාවය වන සෙම හේතුවෙන් මෙම රෝග තත්ත්වය දෙගුණ තෙගුණ වේ. මෙම ශ්‍රාවයන් ඉවත් නොකළොත් පෙණහලූවල ඇති ගර්ත හැකිලීමට පවා ලක්විය හැකිය. තවද මෙම ඉතුරු වන සෙම ශ්‍රාවයන් නැවත නැවත ආසාදනයට පත්විය හැකිය. මෙහි බරපතළ තත්ත්වය නම්, ශරීරයේ ඇති ඔක්සිජන් සාන්ද්‍රණය අඩු වීමය. එම තත්ත්වය ඇති වීමට පෙර දරුවාට වහා ප්‍රතිකාර කළ යුතුය.
මෙම රෝගය සඳහා දරුවාට ඖෂධීය ප්‍රතිකාරවලට අමතරව භෞතචිකිත්සක ප්‍රතිකාර ද අත්‍යවශ්‍ය වේ. භෞතචිකිත්සක ප්රතිකාරවලින් දරුවාගේ සියලූ සෙම ශ්‍රාවයන් ඉවත් කළ හැකිය. එසේ සෙම ඉවත් කිරීමෙන් දරුවාට රෝගය නිසා ඇති වන සියලූ රෝග ලක්ෂණ ක්‍රමයෙන් නැති වී යයි. භෞතචිකිත්සක ප්‍රතිකාරවලදී ප්‍රධාන වශයෙන් යොදාගන්නේ පොස්චරල් ඩේරනේජ් ක්‍රමයයි. මෙම ක්‍රමයේදී දරුවාගේ සෙම ගුරුත්වාකර්ෂණය උපයෝගී කරගනිමින් ඉවතට ගැනීම සිදු කෙරේ. තවද සක්ෂන් උපකරණ මගින් සෙම ඉවතට ගැනීම නිසා දරුවාගේ සියලූම අපහසුතා දුරු වේ.
මෙසේ සෙම තිබෙන විට දරුවාගේ බඩට කොට්ටයක් තබා මුනින් අතට හරවා පිටට තට්ටු කිරීමෙන් ගෙදරදීම සෙම ඉවත් කළ හැකිය. මෙහිදී දරුවාට කැවීමට, පෙවීමට පෙර මෙය කළ යුතු බව මතක තබාගන්න. නැතහොත් දරුවාට වමනය ඇති විය හැකිය.
කුඩා දරුවෝ මුඛයෙන් සෙම ඉවතට දැමීමට නොදනිති. ඔවුන් කරන්නේ සෙම ගිල දැමීමය. දරුවා ගිලින සෙම ආමාශයට ගොස් මල සමග පිට වේ. තවද දරුවා කහින විට බිය නොවිය යුතුය. එම කැස්ස සමග සෙම පෙණහලූවලින් පිට වේ.
Saru FM Media