මාස හයක් කල්තබාගත හැකි සීනි සම්බෝලය

0
10


සීනි සම්බෝලය

ඔබ ගෘහනියක් බිරිඳක් මවක් පමණක් නෙවෙයි. රටේ ශ්‍රම බලකායේ නියෝජිතවරිවයක්ද වන අවස්ථාවකදී නිවසේ කෑම බීම සැකසීම පිළිබඳව ඔබට දෙවරක් සිතන්නට වෙනවා. එහෙත් පිටත ඇති රසායන ද්‍රව්‍ය වලින් පිරුන කල් තබා ගන්නා ආහාර වෙනුවට, ඔබ අතින්ම සාදා ගත හැකි, ඒ වගේම කෘතීම රසායන ද්‍රව්‍ය නොමැතිව කල් තබා ගත හැකි මේ ආහාරය ඔබේ ආදරණීයයන් ගේ කෑම වේල රසයෙන් වගේම ආදරයෙනුත් පුරවාවි.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • රතු ළුණු හෝ ලොකු ළුණු කිලෝ 1
  • උම්බලකඩ ග්‍රෑම් 200
  • කෑලි මිරිස් මේස හැඳි 4
  • සීනි මේස හැඳි 6
  • රම්පෙ, කරපිංචා මේස හැඳි 2
  • ඉඟුරු මේස හැඳි 1
  • සුදු ළුණු මේස හැඳි 1
  • මිටිකිරි කෝප්ප 1/4 ක්
  • සියඹලා ක්‍රීම් මේස හැඳි 3
  • තෙල් බෝතල් බාගයක්
  • ලුණු රස අනුව
  • අවශ්‍ය නම් කරඳ මුන්ගු, කරාබු නැටි

සාදන ක්‍රමය:

ළුණු ලියා රන්වන් පාට වනතුරු ගැඹුරු තෙලේ බදින්න. එය තෙල් බේරෙන්න පසෙකින් තබන්න. වෙනත් බඳුනකට තෙල් ටිකක් ලිප තබා රත්කර රම්පෙ, කරපිංචා, ඉඟුරු, සුදු ළුණු දමා බැද කරඳ මුංගු, කරාබු නැටි අවශ්‍ය නම් එකතු කරන්න.

ගින්දර අඩුකර උම්බලකඩ දමා බැද එයට බැදගත් ළුණු, සීනි, මිටිකිරි, සියඹලා එකතු කර ලුණු අවශ්‍ය ප්‍රමාණයට දමන්න. බෝතල් වල වෙන වෙනම අසුරා අවශ්‍ය පරිදි භාවිතයට ගන්න.

– ඉරේෂා –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here