ලස්සන කෙස් කළඹක් කියන්නේ යුවතියකට ආභරණයක්. නමුත් බොහෝ යුවතියන්ට තමන්ගේ කෙස් කළඹ සම්බන්ධව හුඟක් ගැටලු තියෙනවා . මේ ගැටලු සඳහා කෘතිම වගේම ස්වභාවික සත්කාර ද තියෙනවා. අපි නිරන්තරයෙන් ම ඔබව ස්වාභාවික සත්කාර සම්බන්ධයෙන් දැනුවත් කරන නිසා ඔබේ කොණ්ඩය නීරෝගීව සහ ඝනව වවා ගන්න පුළුවන් ස්වාභාවික ජූස් වර්ග ගැන අද ඔබව දැනුවත් කරන්න අපි හිතුවා . මේ ලිපියෙන් ඔබට කියන්නේ නිරෝගී කෙස් කළඹක් ලබාදෙන ජූස් වර්ග ගැනයි
කරපිංචා කිව්වහම ඔබට මතක් වෙන්නේ කරපිංචා කැඳ. නමුත් මේ කියන්නේ කරපිංචා ජුස් එහෙමත් නැත්නම් කරපිංචා යුෂ ගැනයි .
අවශ්‍ය දේවල්
හදන්නෙ මෙහෙමයි
කරපිංචා දළු හොඳින් සෝදා වතුර එකතු කර හොඳින් බ්ලෙන්ඩ් කර ගන්න . ඉන්පසු සියලු රොඩු ඉවත් වන සේ හොඳින් පෙරා එයට දෙහි යුෂ එකතු කරන්න.
විදෙස් රටවල් වල බොහෝ දෙනා භාවිතයට ගන්න කිවි කියන්නේ ඉතාම රසවත් පලතුරක්
අවශ්‍ය දේවල්
හදන්නෙ මෙහෙමයි
කිවි හොඳින් සෝදා පිරිසිදු කර හොඳින් බ්ලෙන්ඩ් කර ගන්න . ඉන්පසු ඇයට අවශ්‍ය පමණට මී පැණි එකතු කර පානය සකස් කර ගන්න
කිවි යනු හිසකෙස් වලට පමණක් නොව ඔබේ ශරීරයටත් ඉතාම ගුණදායක පලතුරයි. ඒ මගින් ඔබේ ස්නායු පද්ධතිය ශක්තිමත් කිරීම සිදු කරයි
බොහෝ දෙනා භාවිතයට නොගන්න නමුත් සලාද කොළ සහ පිපිඤ්ඤා යුෂ පානය යනු ඔබේ හිසකෙස් වලට අතිශය ගුණදායක පානයකි.
අවශ්‍ය දේවල්
හදන්නෙ මෙහෙමයි
සලාද කොළ ඉතා හොඳින් පිරිසිදු කර එයට පිපිඤ්ඤා , මී පැනි සහ දෙහි ස්වල්පයක් එකතු කර හොඳින් බ්ලෙන්ඩ් කර ගන්න
බීට් රූට් සහ කැරට් යුෂ බොහෝ දෙනා සම පැහැපත් කර ගැනීම සඳහා භාවිතා කරන අතර හිසකෙස් වර්ධනය සඳහාද මෙම අමුද්‍රව්‍ය දෙක ඉතා සුදුසුය.
අවශ්‍ය දේවල්
හදන්නෙ මෙහෙමයි
මෙම මෙම අමුද්‍රව්‍ය සියල්ලම හොඳින් බ්ලෙන්ඩ් කර ගන්න
මෙහි විටමින් A ,C , E අඩංගු වන අතර ඒවා හිසකෙස් වර්ධනය වේගවත් කරයි
හිසකෙස් ශක්තිමත් කරයි
නිරෝගී සහ ලස්සන කෙස් කළඹක් පවත්වාගෙන යාමට උනන්දු වන සෑම යුවතියකට ම මෙම යුෂ වර්ග පානය කරන්නට පුළුවන්. මේවායේ අඩංගු අමුද්‍රව්‍ය මගින් හිසකෙස් වලට පමණක් නොව සමස්ත ශරීරයටම ඉතා හොඳ පෝෂණයක් ලැබෙන අතර සෑම උදෑසනක දීම මෙවැනි යුෂ වීදුරුවක් පානය කිරීම ඔබේ සෞඛ්‍යයටත් ඉතා ගුණදායක වේ .
Saru FM Media