මාසෙකට කෝටියක් හොයන අන්තරේ කැට හෙල්ලිල්ල ගැන මහාචාර්යවරයෙක් කට අරී! සිසුන්ගේ පළමු වසරම විනාශ කරනවා! Sri Lanka Latest News

0
2


අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ ක්‍රියාකලාපයන් නිසා විශ්වවිද්‍යාල සිසු සිදුවියන්ගේ අධ්‍යාපනයට දැඩි බාධාවක් එල්ල වී ඇති බව මහාචාර්ය සුජීව අමරසේන මහතා පවසනවා. Talk with Chatura යූටියුබ් වැඩසටහනට සම්මුඛ වෙමින් මහාචාර්යවරයා දැක්වූ එම අදහස් පහත පළවේ.

මහාචාර්ය සුජීව අමරසේන
මම දැකලා තියෙනවා නවක ශිෂ්‍යයන් පෙළපාළි යනකොට, පිකටින් කරනකොට මාධ්‍යවලින් ගිහින් ඔවුන්ගෙන් අහනවා ඔබගේ ඉල්ලීම මොකක්ද කියලා. නවක ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඒ ගැන කියන්න දන්නේ නෑ. ඔවුන්ට කියලා නෙවෙයි අරගෙන ඇවිල්ලා තියෙන්නේ. බලෙන් අරගෙන ඇවිල්ලා තියෙන්නේ. දෙවැනි කාරණාව තමයි මේ දේශපාලන පක්ෂවල සහ අන්තර් විශ්වවිද්‍යාලය ශිෂ්‍ය බලමණ්ඩලයට අවශ්‍ය කරන මුදල් සොයාගන්නේ මේගොල්ලෝ හරහා. මේගොල්ලන්ව මාසෙකට සැරයක් අවම වශයෙන් කැට හොල්ලන්න කියලා ලංකාව පුරාම යවනවා. නිකන් හිතන්න ළමයි 10ක හෝ 15ක කණ්ඩායමක් හදලා, එක්කෙනකුට එක ටින් එක ගානේ දීලා ලංකාව පුරාම කුඩා නගරයකටම යවනවා. මම කුඩා නගර කියලා අදහස් කළේ දකුණු පළාතේ ගත්තොත් අඟුණකොළපැලැස්ස, වළස්මුල්ල, බෙලිඅත්ත, තංගල්ල, ඇල්පිටිය, බලපිටිය, අම්බළන්ගොඩ, බද්දේගම වගේ කුඩා නගරවලට පවා මේ අය යවනවා. එක කැටයකට එකතු වෙන මුදල් ප්‍රමාණය දහස් ගානක්.

ඒගොල්ලන්ට ටාර්ගට් එකක් තියෙනවා. ඒගොල්ලෝ දන්නවා එකතු වෙන මුදල් ප්‍රමාණය. සාමාන්‍යයෙන් එක ටවුන් එකකින් මේගොල්ලෝ එකතු කරනවා රුපියල් ලක්ෂ 2ක් 3ක් විතර මුදලක්. ලංකාවෙන්ම මිලියන 10කට වැඩිය එකතු කරනවා. මේ මිලියන 10 තමයි අර පක්ෂ, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සම්පූර්ණයෙන්ම මාසයක් නඩත්තු කරන්නේ. ඔවුන්ගේ පවුල් පිටින්. බස්වලට සල්ලි ගන්නේ ඒකෙන්. සමහර වෙලාවට මේගොල්ලන්ට අරක්කු දෙනවා. මේ ඔක්කොම අරන් දෙන්නේ මේ මුදල්වලින්. ඕක හරහා තමයි මේගොල්ලෝ මේ ව්‍යාපාරය නඩත්තු කරන්නේ. ඒක හින්දා තමයි මේක කරගෙන යන්නේ. අවුරුද්දක් පුරා කරන්නේ ඒක හින්දා. ඒ අවුරුද්ද තමයි ලොකුම ප්‍රශ්නෙ අපිට. මොකද පළමු අවුරුද්දේදී තමයි ළමයින්ට අපි ඉංග්‍රීසි උගන්වන්නේ, තමන්ගේ පාඨමාලාවට අවශ්‍ය පදනම දාන්නේ, පරිගණක සාක්ෂරතාව ලබාදෙන්නේ. මේක විනාශ කරනවා මේ අවුරුද්ද ඇතුළත.

ළමයින්ට ඉංග්‍රීසි ඉගෙනගන්න දෙන්නේ නෑ. එතකොට රැකියාවක් හොයාගන්න බෑ. ජී.පී. එක, එහෙම නැත්නම් ග්‍රේඩ් පොයින්ට් ඇවරේජ් එක අඩුවෙනවා පළමු වසරේ විභාග දෙකේ ප්‍රතිඵල අඩු වීම නිසා. රෑට පාඩම් කරන්න දෙන්නේ නෑ දේශපාලන පක්ෂවල පන්ති කරනවා. රෑ 2, 3, 4 වෙනකල්. මේක දශකයක් දෙකක් තිස්සේ කරගෙන ගිය වැඩපිළිවෙළක්. පක්ෂ විතරක් මාරුවෙලා තියෙනවා පහුගිය කාලේ. ඉතින් ඒක නවත්තනතුරු අපිට අනාගතයක් නෑ.

Talk with Chatura යූටියුබ් නාලිකාවෙනි



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here