මාසයක් බත් නොකෑවොත් මොකද වෙන්නේ?

0
11


ආසියාවේ බොහෝ දෙනකුගේ ප්‍රධාන ආහාරය වන බත් දෛනික ආහාර වේලෙහි අනිවාර්ය අංගයක් බවට මේ වෙනකොට පත්වෙලා තියෙනවා.බොහෝ දෙනකුට දිනකට එක වේලක් හෝ ආහාර වේලට බත් ඇතුලත් විය යුතු තරමටම බත් ආහාරයට ගැනීම අත්‍යවශ්‍ය කරුණක් උනත් පමණට වඩා බත් මත යැපීම සෞඛ්‍යයට එතරම් ප්‍රයෝජනවත් සහ සුබදායක දෙයක් වන්නෙ නැහැ. බත් මගින් ශරීරයට අත්‍යවශ්‍ය කාබෝහයිඩ්‍රේට් සපයන අතර එහි ඉහළ මට්ටමක පිශ්ටයද පවතිනවා.කෙසේ වුවත් බත් අධික ලෙස පරිභෝජනය කිරීම මගින් රුධිරයේ සීනි මට්ටම ඉහළ යාම සිදුවෙනවා වගේම බර වැඩි වීමට ද සෘජුවම දායක වනවා.

එසේ නම් ඔබ ඔබේ ආහාර වේලෙන් බත් සම්පූර්ණයෙන්ම අතහැරිය යුතු ද ? මාසයක් පමණ ඔබ බත් පරිභෝජනය නොකළහොත් ඔබේ සිරුරට විය හැකි දේ කුමක්ද ? මේ ලිපියෙන් අපි ඒ ගැන කතා කරමු 

ශ්‍රී බාලාජි ක්‍රියාදාම වෛද්‍ය ආයතනයේ ප්‍රධාන පෝෂණවේදී ප්‍රියා භර්මා පවසන ආකාරයට මාසයක පමණ කාලයක් බත් පරිභෝජනය කිරීම අතහරින විට කැලරි ප්‍රමාණය අඩු වීම නිසා සිරුරේ බර අඩු වීම සිදුවෙනවා. නමුත් බත් යනු කාබෝහයිඩ්‍රේට් , බී විටමින් සහ ඛනිජ ලවණ වල ප්‍රභවයක් වන නිසා පෝෂණීය කරුණු සලකා බැලිය යුතු බවත් ඇය පවසනවා.විශේෂයෙන්ම ඔබේ ආහාර වේලෙන් සම්පූර්ණයෙන්ම බත් ඉවත් කිරීම සෑම විටම නිර්දේශ කළ නොහැකි බවත් , එය පුද්ගලයාගේ අරමුණ සහ සෞඛ්‍ය තත්ත්වය මත වෙනස් වන බව ඇය තවදුරටත් හෙළි කරනවා.අනෙක් අතට බත් යනු සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක කොටසක් වන නිසා පෝෂණවේදීන් විසින් සමබර ආහාර වේලක් සාමාන්‍යයෙන් නිර්දේශ කරනු ලබනවා. 

බත් පරිභෝජනය නතර කරන බොහෝ දෙනාගේ පරමාර්ථය වන්නේ අනවශ්‍ය බර අඩුකර ගැනීමයි.නමුත් මාසයක් හෝ දෙකක් බත් නොකා සිටීම ශරීරයේ බර අඩු කර ගැනීමට උපකාරී වන්නේ නැහැ.ඒ සඳහා ඔබේ සමස්ත ආහාර වේල වැදගත් වෙනවා.මේදය රාත්තල් එකක් නැති කර ගැනීම සඳහා ඔබ කැලරි 3,500ක් දහනය කළ යුතුයි.අනෙකුත් ආහාර වලට සාපේක්ෂව සහල් වල කැලරි ප්‍රමාණය තරමක් අඩු බැවින් විශාල වශයෙන් බත් අනුභව නොකර මධ්‍යස්ථ ප්‍රමාණවලින් ඔබට බත් පරිභෝජනය කළ හැකියි.

ඉතා මැනවින් පිරිපහදු කළ සහල් ප්‍රභේද වලට වඩා දුඹුරු සහල් හෝ රතු සහල් යනු වඩාත් නුවණැති තේරීමක්.ඒවායේ අඩංගු වන තන්තු ප්‍රමාණයන් වුවද දිගු කාලයක් පූර්ණ ව තබා ගන්නා අතර ආහාර රුචිය යටපත් කර ඔබ වැඩියෙන් ආහාර ලබා ගැනීම පාලනය කරයි. එමඟින් ශරීරයේ අනවශ්‍ය ලෙස බර වැඩිවීම ද  පාලනය වෙනවා.

එසේ නම් ,

ශරීරයේ බර අඩු කරගැනීමට අවශ්‍ය නම් බත් පරිභෝජනය කිරීම සම්පූර්ණයෙන්ම නතර කළ යුතු නැහැ.ප්‍රධානම කරුණ නම් සමබර ආහාර වේලක කොටසක් ලෙස එය මධ්‍යස්ථ ආකාරයෙන් භුක්ති විඳිය හැකි වීමයි. මාසයක් බත් පරිභෝජනය කිරීම නතර කිරීම මගින් ඔබේ බර අඩු වීමක් සිදුවන්නේ ඇත්ත වශයෙන්ම ඔබේ ශරීරය කැලරි හිඟයකින් පෙලෙන විට පමණයි. ඇත්ත වශයෙන්ම ඔබේ ශරීරයෙන් කැලරි ප්‍රමාණය අඩු කර ගැනීමට නම් කෘතීම ආහාර , සැකසූ ආහාර , අධික සීනි සහිත පාන වර්ග , අධික සීනි සහිත රස කැවිලි වර්ග , ක්ෂණික ආහාර වැනි දේවල් පරිභෝජනය කිරීමෙන් ඔබ නතර කළ යුතුයි. 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here