මාසයකට තෙල් තියෙනවා. කලබල වෙන්න එපා – තෙල් සංස්ථා සභාපතිගෙන් ඉල්ලීමක්

0
1

සටහන – රුවන් නෙළුගොල්ල

මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය තත්වය හේතුවෙන් මෙරට කිසිදු ඉන්ධන අර්බුදයක් හටගන්නා තත්වයක් නොමැති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ.රාජකරුණා පවසයි.

මෙරටට පිරිපහදු කළ ඉන්ධන රැගෙන එන්නේ මැදපෙරදිහග කලාපයෙන් නොවන බැවින් කිසිදු කලබලයක් ඇතිකර නොගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි ඒ මහතා සඳහන් කළේ.

“එහෙම කළබල වෙන්න කිසිම හේතුවක් නෑ. අපි සම්පූර්ණ තොග ගණනය කරලා බැලුවා. අපිට සියලුම දේවල් මාසෙක කාලයකට කිසිදු ගැටලුවක් නැතිව දුවන්න පුළුවන්. හේතුව අපිට තියෙන තොග සහ දැනට ළඟා වෙමින් තියෙන තොග තව දවස් 37කට ප්‍රමාණවත්. ඩීසල් දවස් 35කට ප්‍රමාණවත්, ගුවන් යානා ඉන්ධන දවස් 47කට ප්‍රමාණවත්. ඒ කියන්නේ දැනට ළඟා වෙමින් පවතින ඉන්ධන තොග සහ අපේ තියන ස්ටොක් ඔක්කෝම එකතු කළාම එතැනින් එහාට කිසිදු නැවක් ආවේ නැතත් අපිට මේ කියන දවස් ගානට කිසිම කරදරයක් නැතිව දුවන්න පුළුවන්.

ඊගාවට අපිට පිරිපහදු ඉන්ධන ඒ කියන්නේ පෙට්‍රල්, ඩීසල් හැටියට එන තෙල් අපිට ගොඩක් වෙලාවට මැදපෙරදිග රටවලින් නෙමෙයි එන්නේ. හේතුව නැව් ගාස්තු සහ ඒ හරියේ ඉඳන් එනකොට දුර වැඩියි. පසුගිය කාලේම අපිට ඇවිල්ලා තියෙන්නේ ඉන්දියාවෙන්, සිංගප්පූරුවෙන්, මැලේසියාවෙන් සහ කොරියාවෙන්. බොරතෙල්වලට විතරයි බලපෑමක් ආවොත් වෙන්නේ මේ වෙනකොට තියෙන සංචිත මාසයක් දුවන්න ප්‍රමාණවත්. ඒ නිසා කිසිදු කළබලයක් ඇති කරගන්න අවශ්‍ය නෑ. ජනතාව අනවශ්‍ය ලෙස කළබළ වුණොත් තමයි අනවශ්‍ය ප්‍රශ්න ඇතිවෙන්නේ. ඒ හින්දා ජනතාවට කියන්න තියෙන්නේ කිසිම ගැටලුවක් නැතිව සාමකාමී විදිහට යන්න”

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා මේ බව පැවසුවේ මැදපෙරදිග යුදමය තත්වය සම්බන්ධ පුවත් හමුවේ මෙරට ඇතැම් ප්‍රදේශවල ජනතාව ඊයේ (28) රාත්‍රියේදී ඉන්ධන ලබාගැනීම සඳහා විශාල වශයෙන් ඉන්ධන පිරවුම්හල් වෙත ගමන් කිරීමේ තත්වයක් උද්ගත වීම පිළිබඳ අදහස් දක්වමිනි.

The post මාසයකට තෙල් තියෙනවා. කලබල වෙන්න එපා – තෙල් සංස්ථා සභාපතිගෙන් ඉල්ලීමක් appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here