මැතිවරණ දෙකකට පසුව තවත් මැතිවරණයක් පවත්වන විට පසුගිය මැතිවරණ දෙකකදී රටේ ජනතාවට බොරු කියා රවටා බලය ලබා ගෙන තවත් බොරු පොරොන්දු දේශපාලනය ඉදිරියට ගෙන යන්න ගමේ බලයත් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ බියගම ආසනයේ පැවැති ජන හමුවක් අමතමිනි
මේ වන විට ජනතාවට නිදහසේ ජීවත් වෙන්න බැරි තරමට මිනිමරු සංස්කෘතිය වර්ධනය වී ඇති බවත් නිවසේ මහමඟ රැකියා කරන තැන උසාවියේ පවා වෙඩි තැබීම් සිදුවන බවත් ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් පන්ති දෙනවා කියු ආණ්ඩුවට මේ මිනිමරු සංස්කෘතිය නවත්වන්න බැරි බවත් වැඩබැරි දර්ශනයක් නැති මේ ආණ්ඩුවට නීතියෙ ආධිපත්‍යය සුරකින්න බැරිව සමාජයම මිනිමරුවන්ට බදු දී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
රටේ මිනිමැරෙනවා..ආණ්ඩුව කයිවාරු ගහනවා
මිලේච්ඡත්වය ජන සමාජයම වෙලාගෙන ඇති අවස්ථාවක මයික්‍රෝෆෝන් එකෙන් කයිවාරු ගහන ආණ්ඩුවට කිසිදු උත්තරයක් විසඳුමක් නොමැති බවත් මේ මිනිමරු සංස්කෘතිය නැති කරන්න නම් පළාත් පාලන ආයතන හරහා සිවිල් ආරක්ෂක කමිටු ප්‍රජා ආරක්ෂක කමිටු ඇති කළ හැකි බවත් නව ක්‍රමෝපාය තුළින් මේවා පරාජය කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ආණ්ඩුවේ බොරු පොරොන්දු දේශපාලනය ජනතාවට තේරිලා
ජනාධිපතිවරණයේ හා මහමැතිවරණයේදී ක්‍රියාත්මක කළ බොරුකාර වංචාකාර ජනතාව අන්දවන බොරු පොරොන්දු දේශපාලනය ජනතාවට තේරී ඇති බවත් බඩුමිල විදුලි බිල තෙල් මිල වැට් බදු සෙසු බදු අඩු කර උපාධිධාරීන්ට රැකියා දෙනවා කිව්වත් ඒවාද නොවූ බවත් හැමතැනම ආණ්ඩුව බොරු කරමින් යන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මේක පච ආකාරයක්
මේ ආණ්ඩුව යන පච ආකාරයක් බවත් මැතිවරණ දෙකකදී ජනතාව අන්දවා ගම දිනන්න නැවතත් අලුත් බොරු කියමින් යන බවත් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බද්ද දින 90කට අත්හිටවූයේ ආණ්ඩුවේ ලියුමක් නිසා බවත් මොවුන් අමූලික පච කියමින් යන බවත් ඒකාබද්ධ නිවේදන ගැන රජය කිව්වත් එවැනි දෙයක් නැති බවත් මේ අමූලික බොරු ජනතාවට පවා තේරී ඇති බවත් ටොම් පචයට ආයුෂ අඩු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.









Saru FM Media