පලස්තීන ජනතාව සමූල ඝාතනයකට ලක්වන විට පලස්තීන ජනතාව රාජ්‍ය ත්‍රස්වාදයට මුහුණ දෙන විට මුළු ලෝකයම පිළිගන්නේ මේ රටවල් දෙක සමගියෙන් සිටිය යුතු බවත් සමගි ජන බලවේගය සිටින්නේ ඒ ප්‍රතිපත්තියේ බවත් පලස්තීන ජනතාවගේ අයිතිය ගැන ස්ටිකර් එකක් ඇලවූ තරුණයකු ත්‍රස්ත විරෝධී පනත යටතේ රැඳවුම් නියෝග නිකුත් කර රිමාන්ඩ් බන්ධනාගාර ගත කළ බවත් පලස්තීන ජනතාවගේ අයිතිය ගැන රජය කතා කළත් ඔවුන් කටයුතු කලේ මේ ආකාරයට බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News
ආණ්ඩුවේ කතාව එකක් සහ ක්‍රියාව තව එකක් බවත් ඡන්දෙ ගන්න පච කියා දැන් ඒවා ඉටු නොකර සිටින බවත් මේ ආණ්ඩුවට අනුව පලස්තීන ජනතාවගේ අයිතිය ගැන කතා කරන්න ප්‍රජාතන්ත්‍රවාදීය අයිතියක් රටේ ජනතාවට නොමැති බවත් පලස්තීන ජනතාව ඝාතනය කරන විට එයට විරුද්ධ වීම තහනම් බවත් එසේ කළොත් ත්‍රස්ත විරෝධී පනත යටතේ අත්අඩංගුවට ගෙන රැදවුම් නියෝග නිකුත් කරන බවත් රටේ මතය ජනතාවගේ මතය පලස්තීන ජනතාවගේ අයිතිය සුරක්ෂා කිරීම බවත් ද්විත්ව රංගනවලින් තොරව මේ අයගේ මූලික හා මානව අයිතිය වෙනුවෙන් පෙනී සිටිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ බේරුවල ප්‍රදේශයේ පැවැති ජන හමුවකදීය.
සමගි ජන බලවේගය ජන්ද ඉලක්ක කර ගෙන වැනෙන ප්‍රකාශ කරන පක්ෂයක් නොවන බවත් ප්‍රතිපත්තිගරුක ස්ථිරසාර අදහස් ඇති පක්ෂයක් බවත් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ආණ්ඩුව පලස්තීන ජනතාවගේ අයිතිය වෙනුවෙන් රටේ ජනතාවට හඬ නැගීමට ඇති අයිතිය පිළිගන්නවාද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් සංහිදියාව ගැන කතා කරන රජය අද පලස්තීන ජනතාවගේ අයිතිය වෙනුවෙන් හඬ නැඟීමත් වරදක් වී ඇති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
ආදාහන භුමදාන ගැටලුවේදී මුස්ලිම් ජනතාව වෙනුවෙන් පෙනී සිටියේ සමගි ජන බලවේගයයි
මෙරට ඒකාධිපති පාලන යුගයක් තුළ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බලහත්කාරයෙන් මුස්ලිම් ප්‍රජාවගේ අයිතිය උල්ලංඝනය කර ආදාහන භුමදාන ගැටලුවේදී එයට විරුද්ධව පෙරට ආවේ සමගි ජන බලවේගය බවත් අද ආණ්ඩු කරන අය එදා මුනිවත රකිමින් කටපියන් සිටි බවත් ආඥාදායක පාලනයක් ක්‍රියාත්මක වන විටත් ප්‍රතිපත්තිගරුකව ජාති ආගම්භේද බැහැර කර පෙනී සිටියේ සමගි ජන බලවේගය බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් අවධාණය කළේය.
අපි වැඩ කරන්නේ දේශපාලන වාසි ලබා ගන්න නෙවෙයි
සමගි ජන බලවේගය වැඩ කරන්නේ දේශපාලන වාසි තකා නොව ප්‍රතිපත්තිගරුකව බවත් වත්මන් රජය මෙන් පච දේශපාලනය නොකරන බවත් අදටත් පාර්ලිමේන්තුවේ මෙම අදාහන භුමදාන ගැටලුව ගැන පාර්ලිමේන්තුවේ අරගල කරන්නේ සමගි ජන බලවේගය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
අලුත් පචයි පරණ පචයි එක්ක ආණ්ඩුව ඉදිරියට යනවා
අද වන විට මෙම රජය ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට සංචාරක කර්මාන්තයේ සිටින අයට කිසිදු සහනයක් දී නැති බවත් වුන පොරොන්දු පවා කඩ කර ඇති බවත් පරණ පච මෙන්ම අලුත් පචද කියමින් අයවැයේ නැති ඒවත් කියමින් ජනතාව රවටන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.







Saru FM Media