මාලිමාවේ 159 රුසියාවේ පුටින්ගේ න්‍යෂ්ටික අවි වගේ – ඇමති බිමල්

0
9

ආණ්ඩුව සතු පාර්ලිමේන්තු ආසන 159ක බලය පාවිච්චි කරන්නේ අත්‍යාවශ්‍ය අවස්ථාවකදී පමණක් බව ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

ප්‍රශ්නය – ඔබතුමන්ලාට 159ක් තියෙනවා. ඒත් ඔබතුමන්ලා කියන හැමදේම රිවස් කරගන්නවා. දැන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රිවස් කරගෙන, ක්ලීන් ශ්‍රී ලංකා රිවස් කරගෙන. එතකොට විපක්ෂය කියනවා මේ ආණ්ඩුවේ මැති ඇමතිවරු උද්දච්ඡයි කියලා. කියන දේ අහන්නෙ නෑ කියලා ….

“නෑ, අපි අහන්න ඕනෙ ජනතාව කියන දේ නෙ. විපක්ෂයත් හොඳ දේවල් කියන ඒවාත් පිළිගන්නවා. නෑ, රිවස් කරලා නෑ. රිවස් කළේ ඔන්න ඔය කොටස විතරයි. ක්ලීන් ශ්‍රී ලංකා රිවස් කළේ නෑ නෙ. ඔබතුමන්ලා දන්නවා රුසියාවේ ජනාධිපතිතුමාට නියුක්ලියර් වෙපන්ස්. එතුමා ඒවා ලස්සනට ඕගනයිස් කරලා, හැමදාම ටියුන් කරලා තියන් ඉන්නවා. පාවිච්චි කරන්නෙ නෑ. ඕනෙම වෙලාවක පාවිච්චි කරනවා. 159ත් එහෙමයි”

බිමල් රත්නායක මහතා මේ බව පැවසුවේ ඊයේ (30) පැවති මාධ්‍ය හමුවකදී නැඟුණු ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here