මාලිමාවේ ගම්පහ මන්ත්‍රීලා 3කට මුදල් වාංචා කිරීමේ චෝදනාවක්

0
2

ගම්පහ ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගය නියෝජනය කරමින් තේරී පත්වූ මන්ත්‍රීවරුන් තිදෙනෙකු විසින් රජයේ කොන්ත්‍රාත් තමන්ගේ නමින් සිදුකර මුදල් වංචා කර ඇති බව එම ප්‍රාදේශීය සභාවේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් විසින් චෝදනා කර තිබේ.

ඊයේ (07) පස්වරුවේ මාධ්‍ය හමුවක් කැඳවමින් අදාළ මන්ත්‍රීවරුන් චෝදනා කරනුයේ පළාත් පාලන ආඥා පනත අනුව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකුට කොන්ත්‍රාත් කිරීම තහනම් බවය.

එමෙන්ම එලෙස කොන්ත්‍රාත් සිදුකර මුදල් ලබා ගැනීම ඔහුගේ මන්ත්‍රී ධුරය අහෝසි වීමට බලපාන හේතුවක් බවත් පෙන්වා දුන් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පැවසුවේ මෙම ක්‍රියාව සම්බන්ධව බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාටද පැමිණිලි කළ බවය.

එමෙන්ම අදාළ මන්ත්‍රීවරුන්ට එරෙහිව ඉදිරියේදී නඩු පැවරීමට කටයුතු කරන බවද අදාළ මන්ත්‍රීවරුන් එම මාධ්‍ය හමුවේදී පැවසීය.

“ගිය දෙසැම්බර් මාසේ සභා වාර්තාවේ සඳහන් වෙනවා අශෝක කුමාර මන්ත්‍රීවරයාත්, ධර්මවංශ මන්ත්‍රීවරයාත් ලබා ගත්ත මුදල්. ඒ වගේම බැකෝ යන්ත්‍ර යොදාගෙන සහන් ප්‍රසාද් මන්ත්‍රීවරයා මුදල් ලබා ගත් හැටිත් සඳහන් වෙනවා. පනතේ සඳහන් වෙනවා මූල්‍ය ගනුදෙණු කරන්න බැහැ කියලා. මේ මූල්‍ය ගනුදෙනු කළාම සභික ධුරය අහෝසි වෙනවා. ලබන සභාවාරය 10 වැනිදා තියෙනවා කියවීමේ හැකියාවක් තියෙන අයනේ ඉන්නේ. ලැජ්ජාවක් තියෙනවානම් පනත කියවලා සභාවට නම් එන්න එපා. “
මේ අතර ගම්පහ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාද මාසිකව ඉන්ධන ලීටර් 500ක් ලබා ගනිමින් මුදල් නාස්ති කරන බවටද එම මන්ත්‍රීවරු පිරිස චෝදනා කළේය.
ඔවුන් පැවසුවේ සභාපතිවරයා විසින් රුපියල් ලක්ෂ දෙකහමාරක මාසික කුලී පදනම මත මෝටර් රථයක්ද ලබා ගනිමින් සභාවේ මුදල් නාස්ති කරන බවට ඔවුන් චෝදනා කළේය.
“මේ ගොල්ලෝ සභාවේ මුදල් ඉතුරු කරනවා කියලා ජනතාවට පොරොන්දු දීලා රොතු ගණන් ජනතාවගේ ඡන්ද ලබා ගත්තා නමුත් අද වෙනකොට ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා මාසෙකට ලක්ෂ 5කට අධික මුදලක් ලබාගෙන තිබෙනවා. එතුමා පාවිච්චි කරන වාහනය කුලී පදනම මත මාසිකව දෙලක්ෂ හැටදහසකට ලබාගෙන තිබෙනවා. එතුමා ඩීසල් ලීටර් 500ක් සභාවේ අරමුදලින් ලබාගෙන තිබෙනවා. සභාවේ ප්‍රාදේශීය සභාවේ සභාපතිට මෙහෙම ගන්න එතුමා ලංකාවේ ජනාධිපතිද ? මොවුන් ජනතාවගේ මුදල් අවභාවිතා කරමින් විශේෂ වරප්‍රසාදයක් ලබනවා. මේ ගොල්ලෝ වල්පැල ගලවලා මල්පැල හිටවනවා කියලා තමයි සභාවේ බලය ගත්තේ. දැන් ඒ මල්පැල නිකන්ම වල්පැල බවට පත්වෙලා”

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here