මාලිමාවට එරෙහිව පට්ටපල් බොරු කියපු අය අදත් බොරු කිය කිය යනවා – ටිල්වින් සිල්වා

0
12


ජනාධිපතිවරණ සමයේත් මහ මැතිවරණ සමයේත් මාලිමාවට එරෙහිව පට්ටපල් බොරු කියපු අය අදත් බොරු කිය කිය යන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.
ජාතික ජන බලවේගය ප්‍රකාශ කර ඇත්තේ කිරීමට හැකි දේවල් පමණක් බවත් කිව්වොත් අනිවාර්යෙන්ම කරන බවත් මේ වනවිට ආණ්ඩුව ඒවා කිරීමට හෝ පටන්ගෙන තිබෙන බවත් ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අවධාරණය කරයි.
ලබන මැයි 06 වනදා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේ ජාතික ජන බල‍වේගයේ අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීමේ ජන හමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කර තිබිණි.
මෙරට දේශපාලනයේ බොරු කීමේ ඉතිහාසයක් ඇති බවත්, මාලිමාවේ ආණ්ඩුවක් පැමිණිය‍‍හොත් මෙරට දේශපාලන පළිගැනීම්, ලේ වැගිරීම් හා කලබල සිදුවන බවට ඔවුන් ප්‍රකාශ කළ බවත්, එවැන්නක් සිදුව නොමැති බැවින් බොරු ප්‍රකාශ කර ඇත්තේ ඔවුන් බවද ඔහු සඳහන් කරයි.
එසේම මාලිමාවේ ආණ්ඩුවක් පැමිණියහොත් බුද්ධාගම විනාශ වන බවට ඔවුන් ප්‍රකාශ කළ බවද, එහෙත් එවැන්නක් සිදුව නොමැති බවද, වසර 16කට පසු දළදා දැක්මක්ද පැවැත්වූ බවද ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සඳහන් පෙන්වා දෙයි.
එවක මැතිවරණ කාලයේ ඔවුන් ප්‍රකාශ කළ සියල්ල බොරු බවට පත්ව ඇති බවත්, “පට්ටපල් කෙබර කෙලින” ලද පිරිස් පැමිණ කිසිවක් නොවූ අයුරින්, ආණ්ඩුව බොරු ප්‍රකාශ කළ බවට සඳහන් කරන බවත් ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here