මාලිනියට සමුදෙන්න ආ විපක්ෂනායක සජිත් පොඩි කාලයේ නිළි රැජින ගැන මතකය සිහිපත් කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

0
2


දේශීය කලාවට හා සිනමාවට අද්විතීය සේවාවක් ඉටු කළ රටේ ජනතාව වැඩිපුරම ආදරය කළ රංගන ශිල්පිනියක් ලෙස මාලනි ෆොන්සේකා මහත්මිය හැඳින්විය හැකි බවත් ජනප්‍රියම රංගන ශිල්පිනියක් ලෙස සිනමා හා කලා ක්⁣ෂේත්‍රයට මහඟු සේවාවක් ඉටු කළ නිසා දේශීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද ගෞරව රැසක් ලබා දුන් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේ තැන්පත් කර තිබූ අභාවප්‍රාප්ත හෙළ සිනමාවේ මහා නිළි රැජිනිය වූ මාලනී ෆොන්සේකා මහත්මියට අවසන් ගෞරව දැක්වීම සදහා එම ස්ථානයට ගිය අවස්ථාවේ දීය.

දිවංගත රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා සමග ඇය ඇතුළු කලාකරුවන් සමීප සම්බන්ධතාවක් ඇති කර ගෙන මෙරට කලා ක්⁣ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් ඇයගේ මූලිකත්වයෙන් කටයුතු කළ බවත් ඇගේ හදිසි වියෝව රටටම පාඩුවක් බවත් ඇය ජාතික සම්පතක් බවත් ඇගේ වියෝවය සම්බන්ධයෙන් තමා අතිශය කණගාටුවට පත්වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here