මාලනීගේ දේහය චිත්‍රපට සංස්ථාවටත රැගෙන එයි

0
3


හෙළ සිනමාවේ නිළි රැජින, අභාවප්‍රාප්ත මාලනී ෆොන්සේකාගේ දේහය මහජන ගෞරවය සඳහා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේ අද (25) සිට තැම්පත් කර තිබේ.
ඒ අනුව දේහය අද සිට මහජන ගෞරව සඳහා ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේ තැන්පත් කර තැබෙන අතර හෙට (26) දිනයේ නිදහස් චතුරස්‍ර මන්දිරයේදීද මහජන ගෞරව දැක්වීමට අවස්ථාව සළසා ඇත.
මාලනී ෆොන්සේකාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව හෙට කොළඹ නිදහස් චතුරස්‍රයේදී සිදුකිරීමට නියමිතය.
කලක් රෝගාතුරව සිටී ඇය ඊයේ අලුයම කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වූ අතර ඇය මිය යනවිට 78 වන වියේ පසු විය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here