මාලදිවයින මහ කොමසාරිස් සහ ජවිපෙ ප්‍රධාන ලේකම් අතර හමුවක් – Saru News | සිංහල

0
10

ශ්‍රී ලංකාවේ මාලදිවයින මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ් (Masood Imad) සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අතර හමුවක් අද (27) පෙරවරුවේ බත්තරමුල්ල පැලවත්ත ජ.වි.පෙ ප්‍රධාන කාර්යාලයේ දී පැවැත්විණි.

මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගු කාලීන මිත්‍රත්වය තවදුරටත් වර්ධනය කර ගැනීම වෙනුවෙන් පැවති මෙම ද්විපාර්ශ්වික සාකච්ඡාවේදී දෙරට අතර ආර්ථික හා වෙළඳ කටයුතු වැඩිදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳවද සාකච්ඡා කරන ලදී.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ මාලදිවයින් මහ කොමසාරිස් කාර්යාලයේ උපදේශක අලි ෂරීෆ් (Ali Shareef) පළමු ලේකම් අහමඩ් අසීම් (Ahmed Azim) ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් නීතිඥ මධූ කල්පනා යන අයද සහභාගී වී සිටියහ.


0

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here