මාරාන්තික ඩෙංගු රෝගය පිළිබඳ ඔබනොදත් තතු

0
11


ඩෙංගු යනුලාංකික අප නිරතුරුව අවධානයෙන් සිටිය යුතුම රෝගයක්. කළින් කළට හිස ඔසවන මාරාන්තික ඩෙංගු රෝගය පිළිබඳව ඔබ මෙන්න මේ කරුණු පිළබඳව අනිවාර්යයෙන්ම දැනුවත්ව සිටිය යුතුයි..

ඩෙංගු රෝගය ඇති කරන වෛරසය ඊඩිස්‌ වර්ගයේ ගැහැනු මදුරුවන් මගින් පතුරවයි. මෙම මදුරුවන් තුළට වෛරසය ඇතුළුවන්නේ ඩෙංගු වෛරසය ශරිර ගතවූ පුද්ගලයෙකු දෂ්ට කිරීමෙනි. අසාදිත ඩෙංගු මදුරුවකු විසින් දෂ්ඨ කරන ඕනෑම පුද්ගලයෙකුට ඩෙංගු රෝගය සෑදීමේ අවදානමක්‌ පවතී. තවද පුද්ගලයෙකුගෙ වයස හා ප්‍රතිශක්‌තිය මත රෝගයේ ස්‌වභාවය වෙනස්‌ විය හැකිය. සාමාන්‍යයෙන් ඊඩිස්‌ මදුරුවන් දවසේ උදය කාලයේ හිරු පායා පැය කිහිපයක්‌ යන තුරුද, සවස්‌ කාලයේ හිරු බැසීමට පැය කිහිපයකට පෙරද වැඩිපුරද දෂ්ට කිරීම සිදු කරයි. එබැවින් මෙම කාලය තුළ මදුරු දෂ්ඨන වලින් ආරක්‌ෂා විය යුතුයි.

උණ රෝගය සෑදුන විට එය ඩෙංගු විය හැකි බවට සැක කළ යුත්තේ ඩෙංගු රෝගය සාමාන්‍ය සුළු උණ මෙන්ම ඩෙංගු රක්‌තපාත උණ (DHF) වැනි අවදානම් අවස්‌ථා වලටද පත්විය හැකි බැවින්ය. මෙම අවදානම් අවස්‌ථා මුල් අවධියේදී සාමාන්‍ය උණෙන් වෙන්කර හඳුනා ගැනීම අපහසුවේ. සාමාන්‍ය උණ තත්ත්වය ඉක්‌මණින් සුව වන අතර අවදානම් අවස්‌ථා වලදී අනිවාර්යයෙන්ම රෝහල් ගතව ප්‍රතිකාර ලැබිය යුතුය. එබැවින් අවදානම් අවස්‌ථා ඉක්‌මණින් හඳුනාගැනීමට ඩෙංගු උණෙහි රෝග ලක්‌ෂණ පිළිබඳව අවධානයෙන් සිටිය යුතුවේ.

මතක තබා ගන්න, ඔබගේ නොදැනුවත්කම සහ නොසැලකිල්ල මාරාන්තික ප්‍රතිඵල ගෙනදිය හැක. එනිසා නිරතුරුවම මාරාන්තික ඩෙංගු රෝගය පිළිබඳව අවධානයෙන් සිටින්න.

– කල්හාරී –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here