මාර්තු මාසයේ සංචාරක පැමිණීමේ අඩුවක්

0
2

මාර්තු මාසය තුළ ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 183,979ක් ලෙස වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

මෙම සංඛ්‍යාව පසුගිය වසරේ මාර්තු මාසයට සාපේක්ෂව 19.7%ක පසු බැස්මක් පෙන්නුම් කරයි. 

නවතම දත්ත අනුව, මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයින් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව 47,533ක් (26%) ලෙස සඳහන් වේ.

තවද, එක්සත් රාජධානියෙන් 18,092, රුසියාවෙන් 15,685ක්, ජර්මන් 13,429ක්, චීනයෙන් 14,064ක් සහ ප්‍රංශ ජාතිකයින් 8,359ක් ද මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

ඒ අනුව, 2026 වසරේ ජනවාරි 01 සිට මාර්තු 31 දක්වා සමස්ත සංචාරක පැමිණීම් සංඛ්‍යාව 740,634ක් දක්වා ඉහළ ගොස් ඇත.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here