මාර්තු මාසයේ මහපොළ වාරිකය අද ගිණුම් වෙත

0
3


ලලිත් ඇතුලත්මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල (MTF) විසින් විශ්වවිද්‍යාල සිසුන් සඳහා පිරිනමනු ලබන මාර්තු මාසයට අදාළ මහපොළ ශිෂ්‍යත්ව වාරිකය අද (10) බැංකු ගිණුම් වෙත බැර කර තිබේ.

ඒ අනුව මාර්තු මාසයට අදාළව රු. 10,000ක මාසික වාරිකය සිසුන්ගේ බැංකු ගිණුම් වෙත බැර කර ඇත.

එම අරමුදලේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මළල්ගොඩ මහතා පැවසුවේ ලලිත් ඇතුලත්මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල විසින් ශිෂ්‍යත්ව ගෙවීම් ක්‍රියාවලියේ කාර්යක්ෂමතාව ඉහළනංවා ගැනීමට හැකිවීම නිසා, මාර්තු මාසයට අදාළ වාරිකය, ගෙවීමට නියමිතව තිබෙන දිනටත් පෙර ශිෂ්‍යත්වලාභී විශ්ව විද්‍යාල සිසුන් වෙත ලබාදීමට හැකි වූ බවය. 

 

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here