මාර්තා ගෙන් ශ්‍රී ලංකාවට සහතිකයක්

0
5

මේ වන විට , ශ්‍රී ලංකාවේ ආර්ථිකය වේගයෙන් ඉදිරියට යමින් , නිවැරදි මාවතට එමින් තිබෙන්නේ යැයි , ජාත්‍යන්තර මූල්‍යය අරමුදලේ ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත මාර්තා වෝල්ඩ්මිචෙල් ( Martha Woldemichael ) සඳහන් කළාය.
එමෙන්ම ආර්ථික ප්‍රතිසංස්කරණ දිගටම සිදුකළ යුතු බව ද ඇය සඳහන් කරන්නීය .
ඇය මේ බව සඳහන් කලේ , ඊයේ (12) කොළඹ පැවති තේ අපනයනයකරුවන්ගේ සංගමයේ 26 වන වාර්ෂික මහා සභා රැස්වීමේදී ප්‍රධාන දේශනය සිදුකරමිනි.
මෙහිදි ශ්‍රී ලංකාවේ කාළාපීය වශයෙන් තේ කර්මාන්තශාලා ඇගයීමක් ද සිදු කෙරිණි. මෙම වැඩසටහන වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වුණු අතර, මෙම අවස්ථාවට ශ්‍රී ලංකා තේ අපනයන මණ්ඩලයේ සභාපති, කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සභාපති සහ තේ අපනයනයකරුවන් හා නියෝජිතයන් රැසක් එක්ව සිටියහ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here