මාර්ග ආරක්‍ෂාව ගැන පුහුණු වැඩසටහනක්

0
13


‘මාර්ග ආරක්‍ෂාව පිළිබඳ ජාතික වැඩසටහන’ සම්බන්ධයෙන් ක්‍ෂේත්‍රයට අදාළ නිලධාරීන් දැනුම්වත් කිරීමේ පුහුණු වැඩසටහනක් වාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ උපදෙස් පරිදි පසුගියදා (02) පැවැත්වුණා.

කාර්යක්‍ෂම ප්‍රවාහන සේවාවක් රට තුළ නිර්මාණය කිරීමේ රජයේ වැඩපිළිවෙළ යථාර්ථයක් බවට පත්කර ගැනීමට මෙම වැඩසටහන දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කෙරෙනවා.

එසේම රියැදුරු, මගී, වාහන සහ මාර්ග කළමනාකරණය මගින් නීතිය හා දඬුවම් පැමිණවීමෙන් ඔබ්බට ගොස් ජීවිත හා දේපොළ සුරක්‍ෂිත කිරීම සඳහා මෙම වැඩසටහන සැලසුම් කර තිබෙනවා.

රටේ ජනගහණයේ වර්ධනයත් සමග ඉහළ යන රිය අනතුරු පාලනය මේ වනවිට අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇති බැවින් “අනතුරු නිවාරණ වැඩසටහන” ලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙනවා.

එසේම සුරක්‍ෂිත රිය ධාවනයක් උදෙසා ඊට අදාළ සියලු පාර්ශ්වයන්ගේ ආකල්පමය වර්ධනයක් අපේක්‍ෂාවෙන් ප්‍රායෝගික වැඩසටහන් මගින් දැනුම්වත් කර අනතුරු අවම කිරීම මෙම වැඩසටහනේ මූලික පරමාර්ථය වෙනවා.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය සහ මාර්ග ආරක්‍ෂාව පිළිබඳ ජාතික සභාව ඒකාබද්ධව මෙම වැඩසටහන සංවිධානය කර තිබෙනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here