රජයේ අති විශේෂ ගැසට් පත්‍ර අංක 486/08 1987/12/29 හි සඳහන් පරිදි පදිකයින් පාරේ දකුණු පස දකුණු අයිනෙන් ගමන් කල යුතු වෙනවා .
මාර්ග උපදේශ සංග්‍රහයේ පදිකයන් පාරේ ගමන් කල යුතු ආකාරය සම්බන්ධව සඳහන් කර තිබෙනවා .
01.පදිකයන් රාත්‍රි කාලයේ ලා පැහැති ඇදුමකින් සැරසි ගමන් කල යුතු වේ.
02.පයින් යන්නන් නිතර දකුණු පසින් වඩාත් මාර්ගයේ අයිනට වන්නට ගමන් කල යුතු ය.
03.රංචු ගැසි මාර්ගයේ ගමන් නොකල යුතු ය.
03.පයින් ගමන් කිරීමේ දී පදික වේදිකා ඇත්නම් ඒවා පමණක් භාවිතා කරන්න.
04.පාර හරහා මාරුවීමේ දී ආරක්‍ෂිත ස්ථාන 05 ක් ඇත. එනම්
o පදික මාරුව.
o පෙළිකන් පදික මාරුව.
o උමං හරස් මග.
o ගුවන් පාලම.
o පොලිස් නිලධරයෙකු හෝ රිය නියාමක සිටින ස්ථානය.
මාර්ගය දෙපස හැරි නැවති වේගයෙන් ගමන් කරන වාහන ගමන් කිරීමට ඉඩ දී ඔබ පාර මාරුවෙන බවට අතක් ඕසවා සංඥාව රියදුරුගේ නෙත ගැටුණු පසුව අත ඕසවා ගත් පරිද්දෙන්ම දෙපස අවධානයෙන් පාර මාරු වන ලෙස දැනුම් දිම සිදු කල යුතු අතර නින්තරයෙන් තම ජීවිතය පිළිබඳව වගකීමකින් යුතුව එදිනෙදා මාර්ගයේ හැසිරීම සිදුකළ යුතු බවයි සඳහන් වන්නේ .
Saru FM Media