මාරයාට අත වනන නිදි පෙති

0
11


සෑම කෙනෙක්ටම නින්ද අත්‍යවශ්‍ය දෙයක්. සාමාන්‍යයෙන්, සෞඛ්‍ය සම්පන්නව ජීවත් වීම සඳහා දිනකට වැඩිහිටි අයෙක් පැය 6 ත්, 8ත් අතර ප්‍රමාණයක් නිදාගැනීමට අවශ්‍යයි. රීරයේ ගෙවීගිය සෛල නැවත ගොඩනැගීම ( Restoration)   සහ මොළයේ ක්‍රියාකාරීත්වය (Brain  function)  යන ප්‍රධාන  කාර්යයන් සිදුවනුයේ නින්දේදීය. ප්‍රමාණවත් තරම් නින්දක් නොලැබීම එනම් දිනකට පැය 6 කට වඩා අඩුවෙන් නිදාගැනීම විවිධ රෝග වැළඳීමට ඇති අවදානම වැඩි කරනවා. එහෙත්, වර්තමාන තරගකාරී සමාජයේ වෙසෙන බොහෝ දෙනෙක් ට නින්ද නිසි ලෙස ලබා ගැනීමට හැකියාව නැත. මානසික ආතතිය හේතුවෙන් අහිමි වන නින්ද ලබා ගැනීම සඳහා, බොහෝ දෙනා නිදි පෙති ගැනීමට පෙලඹේ. එහෙත් එය, මාරයාට අත වැනීමක් බව බොහෝ දෙනෙක් දන්නේ නැත.

පසුගිය දිනෙක මේ සම්බන්ධයෙන් ඇමරිකානු විශ්වවිද්‍යාලය මඟින් සිදු කරන ලද පර්යේෂණයකින් හෙළි වූයේ, දිගු කාලයක් තිස්සේ නිදි පෙති ගැනීමට හුරු වූ විට පිළිකා රෝගය වැළඳීමට ඇති සම්භාවිතාව වැඩි බවයි. මාස 03 ක කාලයක් එක දිගට නිදි පෙති ගැනීමට හුරු වීමෙන්, මතක ශක්තිය අඩු වන බව ද පර්යේෂකයෝ පෙන්වා දෙති. මේවා පානයට හුරු වීමෙන්, මනසට වෙසෙස් බලපෑමක් එල්ල වන අතර, විවිධ ආසාත්මිකතා ද ඇති විය හැක.  දෛනික කටයුතු නිරවුල් මනසකින් පූර්ණ අවධානයකින් යුතුව සිදු කළ නොහැකිවේ.

මේ සියල්ලට හේතු වනුයේ නිදි පෙති මඟින් සෘජුවම මනසෙහි ක්‍රියාකාරීත්වයට සිදුවන බලපෑමය. කම්මැලි ගති ස්වභාවයක්  මෙන් ම නිතර නිතර ඈනුම් යෑම ආදී ගැටලු ඇති වේ. දීර්ඝ කාලීනව මේවා භාවිතයට පුරුදු වීමෙන් ඩිමෙන්ෂියා ඇාදී රෝග තත්ත්වය ඇති විය හැක.

ඔබට නිදාගැනීමට අපහසු නම්, ඔබගේ වෛද්‍යවරයා හමුවන්න. ඔබගේ ස්වාභාවික නින්ද සදහටම ඔබට අහිමි වීමට තියන ඉඩ කඩ වැඩි නිසා වෛද්‍යයවරයෙකුගේ අනුමැතියකින් තොරව කිසිම ඖෂධයක් ලබා නොගැනීමට වග බලාගන්න.

– කල්හාරී –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here