මාරක රිය අනතුරු දෙකකින් පුද්ගලයින් දෙදෙනෙකු මරුට

0
3

දිවයින පුරා සිදුවූ මාරක රිය අනතුරු දෙකකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලීසිය පැවසුවේ මෙම අනතුරු ඊයේ (14) දිනයේදී සිදුව ඇති බවය.

ඒ අනුව ඊයේ රාත්‍රි කාලයේදී තිරුක්කෝවිල් පොලිස් වසමේ අක්කරපත්තු පොතුවිල් මාර්ගයේ තම්බිලුවිල් ප්‍රදේශයේදී අක්කරපත්තුව දෙස සිට පොතුවිල් දෙසට ධාවනය වූ මෝටර් රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක ගැටී අනතුරක් සිදුව තිබේ.

අනතුරින් පසු මෝටර් රථය නොනවත්වා ධාවනය කර තිරුක්කෝවිල් තම්බිලුවිල් මාර්ගයේදී රියදුරු විසින් මෝටර් රථය දමා පලාගොස් ඇත.

අනතුරින් යතුරුපැදියේ පැදිකරු සහ පසු පැදිකාරිය බරපතළ තුවාල ලබා තිරුක්කෝවිල් රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව පසුපැදිකාරිය ජීවිතක්ෂයට පත්ව ඇත.

ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 24ක් වූ අක්කරපත්තුව ප්‍රදේශයේ පදිංචිකාරියකි.

පොලීසිය පැවසුවේ පලා ගිය මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගැනීම සඳහා තිරුක්කෝවිල් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකර බවය. 

මේ අතර ඊයේ උදෑසන කාලයේදී උප්පුවේලි පොලිස් වසමේ ත්‍රිකුණාමලය අඹේපුස්ස මාර්ගයේ අනුරාධපුර හන්දිය අසලදි 04 කණුව දෙස සිට ත්‍රිකුණාමලය දෙසට ධාවනය වූ යතුරුපැදියක් මාර්ගයේ පදික මාරුව මතින් ගමන් කළ පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව තිබේ.

අනතුරින් පදික පුද්ගලයා, යතුරුපැදිකරු සහ පසුපැදිකාරිය බරපතළ තුවාල ලබා ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පදික පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 71ක් වූ සාම්පූර් නැගෙනහිර, මූතූර් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.  

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here