මාරක රිය අනතුරු දෙකක්

0
1

ඊයේ (11) සවස්වරුවේ සහ රාත්‍රී කාලයේ මාරක රිය අනතුරු දෙකක් සිඳුව ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කර තිබේ .

කොටවෙහෙර

ඊයේ ( 11 ) සවස කොටවෙහෙර , කුරුණෑගල පුත්තලම මාර්ගයේ කනුකැටිය හන්දිය අසලදී අනතුරක් සිදුව තිබේ . එම අනතුරින් යතුරු පැදි කරුවෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ . කුරුණෑගල දෙස සිට පුත්තලම දෙසට ධාවනය වූ ලොරි රථයක් එම දිශාවටම ඉදිරියෙන් ධාවනය වූ යතුරු පැදියකට ඉස්සර කිරීමට යාමේදී ලොරි රථය යතුරුපැදියේ ගැටී මෙම අනතුර සිදුව ඇත. අනතුරින් යතුරුපැදිකරු බරපතල තුවාල ලබා ආණමඩුව රෝහලට ඇතුලත්කර වැඩිදුර ප්‍රතිකාර සඳහා පුත්තලම රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇත.

එම පුද්ගලයා අවුරුදු 60ක් වූ කැප්පිටියාකන්ද, වීරදඩාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෘත ශරීරය පුත්තලම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අනතුරට සම්බන්ධ ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත. කොටවෙහෙර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

ආණමඩුව

එමෙන්ම ඊයේ ( 11 ) රාත්‍රියේදී ආණමඩුව , ආඬිගම කීරියන්කල්ලිය මාර්ගයේ කිලෝමිටර් 13 කණුව අසලදී ද යතුරු පැදියක ගමන් ගත් අයෙකු අනතුරට පත්ව තිබේ . එහිදී , කීරියන්කල්ලිය දෙස සිට ආඬිගම දෙසට ධාවනය වූ යතුරුපැදියක් එම දිශාවටම ඉදිරියෙන් ධාවනය වූ පාපැදියකට ඉස්සර කිරීමට යාමේදී යතුරුපැදිය පාපැදියේ ගැටී මෙම අනතුරක් සිදුව ඇතැයි වාර්තා වේ . අනතුරින් පාපැදිකරු හා යතුරුපැදියේ පැමිණි පුද්ගලයෙකු බරපතල තුවාල ලබා ආණමඩුව රෝහලට ඇතුලත් කිරීමෙන් පසු පාපැදිකරු මියගොස් ඇත.

ජිවිතක්ෂයට පත් පුද්ගලයා අවුරුදු 49 ක් වූ ගල්කුලම, ආඬිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෘත ශරීරය ආණමඩුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. අනතුරට සම්බන්ධ යතුරුපැදියේ පැමිණි තවත් පුද්ගලයෙකු අනතුරින් පසු පලාගොස් ඇත. ආණමඩුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here