මාරක රිය අනතුරු තුනක්

0
1

ඊයේ ( 17 ) දිනය තුළ , ප්‍රදේශ කිහිපයකින් මාරක රිය අනතුරු තුනක් වාර්තා වී තිබේ .

කැබිතිගොල්ලෑව

ඊයේ දහවල් කාලයේ කැබිතිගොල්ලෑව , පදවිය මාර්ගයේ මහනැටියාව ප්‍රදේශයේ කැබ් රථයක කාර් රථයක් ගැටී කාර් රථයේ රියැදුරා ජිවීතක්ෂයට පත්ව තිබේ . පදවිය දෙස සිට කැබිතිගොල්ලෑව දෙසට ධාවනය වූ කැබ් රථය මාර්ගයේ වංගු සහිත ස්ථානයකදී රියදුරුට පාලනය කරගත නොහැකිව දකුණු මං තීරුව දෙසට ඇදී ගොස් ප්‍රතිවිරුද්ධ දෙසින් ධාවනය වූ කාර් රථයේ ගැටී අනතුර සිදුව ඇත . කාර් රථයේ ගමන් ගත් තවත් පුද්ගලයින් දෙදෙනෙකු හා කැබ් රථයේ රියදුරු තුවාල ලබා කැබිතිගොල්ලෑව රෝහලට ඇතුලත් කර තිබේ .
වයස අවුරුදු 48 ක් වූ ඇටවීරගොල්ලෑව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු එසේ ජිවීතක්ෂයට පත්ව තිබේ .
මෘත ශරීරය කැබිතිගොල්ලෑව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර තුවාලකරුවන් වැඩිදුර ප්‍රතිකාර සඳහා වව්නියාව රෝහලට මාරුකර යවා ඇත.කැබිතිගොල්ලෑව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

මහියංගනය

ඊයේ දින සවස් කාලයේ මහියංගනය , ගිරාඳුරුකෝට්ටේ මාර්ගයේ තලංගමුව ප්‍රදේශයේදී මහියංගනය දෙසට ධාවනය වූ කාර් රථයක් මාර්ගය හරහා ගමන් කළ පදිකයකුගේ ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් බරපතල තුවාල ලැබූ පදිකයා මහියංගනය රෝහලට ඇතුලත් කිරීමේදී ජිවීතක්ෂයට පත්ව තිබේ .

ජිවීතක්ෂයට පත් පුද්ගලයා වයස අවුරුදු 85 ක් වූ දිවුලපැලැස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෘත ශරීරය මහියංගනය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත් . මහියංගනය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

උඩවලව

ඊයේ ( 17 ) රාත්‍රී කාලයේ උඩවලව , රත්නපුර ඇඹිලිපිටිය මාර්ගයේ සිට කරමැටියආර දක්වා ඇති ගල්කොරිය අතුරු මාර්ගයේදී ට්‍රැක්ටර් රථයක යතුරුපැදියක් ගැටී අනතුරක් සිදුව ඇත . එහිදී , කරමැටියආර දෙසට ධාවනය වූ ටේලරය අමුණන ලද ට්‍රැක්ටර් රථයේ ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් ධාවනය වූ යතුරුපැදිය ගැටී තිබේ . අනතුරින් තුවාල ලබූ යතුරුපැදිකරු හා පසු පැදිකරුවන් දෙදෙනෙකු තුවාල ලබා ඇඹිලිපිටියරෝහලට ඇතුලත් කිරීමේදී යතුරුපැදිකරු ජිවීතක්ෂයට පත්ව තිබේ.

එසේ ජිවීතක්ෂයට පත් පුද්ගලයා වයස අවුරුදු 46 ක් වූ කොළඹගෙආර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෘත ශරීරය ඇඹිලිපිටියරෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර ට්රැශක්ටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.උඩවලව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here