මාරක අනතුරු – පහක් ජීවිතක්ෂයට

0
11

දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු 05 ක් හේතුවෙන් දින 11ක බිලිඳියක් සහ පාසල් සිසුවෙක් ඇතුළු පුද්ගලයින් පස්දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය වාර්තා කර තිබේ .

වීරවිල, පුත්තලම, වැලිවේරිය, පුදුකුඩිඉරිප්පු සහ පොල්ගහවෙල ප්‍රදේශවල ඊයේ (20) මෙම අනතුරු සිඳුව තිබේ .

හම්බන්තොට – වීරවිල මාර්ගයේ තුරුසෙවණ ප්‍රදේශයේදී ලොරි රථයක් ඊට ඉදිරියෙන් ධාවනය වූ ත්‍රීරෝද රථයක ගැටීමෙන් , ත්‍රීරෝද රථයේ ගමන්කළ එකම පවුලේ මව, පියා, දරුවෙකු සහ බිළිඳියක් තිස්සමහාරාම රෝහලට ඇතුළත් කර ප්‍රථිකාර ලබමින් සිටියදී බිළිඳිය මියගොස් තිබේ .

එම බිළිඳිය දින 11ක් වයස වූ තියම්මාගම, තිස්සමහාරාම ප්‍රදේශයේ ජීවත් වූ අයෙකි .

යාංගල්මෝදර – නාරම්මල මාර්ගයේ නයිනදෙනිය හන්දිය අසලදී යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව එම දිශාවටම ධාවනය වූ තවත් යතුරුපැදියක ගැටී අනතුරක් සිදුව තිබේ.

අනතුරින් පැදිකරුවන් දෙදෙනා තුවාල ලබා වැඩිදුර ප්‍රථිකාර සඳහා කුරුණෑගල රෝහලට ඇතුළත් කිරීමේදී එක් පැදිකරුවෙකු මියගොස් ඇත.

ඒ , යටිගල්ඔලුව ප්‍රදේශයේ පදිංචිව සිටි 16 හැවිරිදි පාසල් සිසුවෙකු බව වාර්තා වේ .

පුත්තලම – කොළඹ මාර්ගයේ පාලවිය හන්දිය ආසන්නයේදී ලොරි රථයක් යතුරුපැදියක ගැටී සිදුවූ අනතුරකින්
යතුරුපැදිකරු හා පසුපැදිකරු තුවාල ලබා පුත්තලම රෝහලට ඇතුළත් කිරීමේදී පැදිකරු මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය වාර්තා කර තිබේ .
මදුරන්කුලිය ප්‍රදේශයේ පදිංචිව සිටි 35 හැවිරිදි තරුණයෙකු අනතුරින් මිය ගොස් තිබේ .

මුලතිව් – පරන්තන් මාර්ගයේ වෙල්ලම්පලම් හන්දිය අසලදී යතුරුපැදියක් අතුරු මාර්ගයක සිට ප්‍රධාන මාර්ගයට පිවිසි තවත් යතුරුපැදියක ගැටී අනතුරක් සිදුව තිබේ . එහිදී , එක් යතුරුපැදියක පැදිකරු තුවාල ලබා මුංකිලාරු රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.
කුරුවිල් ප්‍රදේශයේ පදිංචිව සිටි 26 හැවිරිදි තරුණයෙකු එහිදී මියගොස් තිබේ .

වැලිවේරිය , නුවර මාර්ගයේ ආසන්නයේදී වෑන් රථයක් මාර්ගය හරහා ගමන් කළ කාන්තාවකගේ ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් තුවාල ලැබූ කාන්තාව ගම්පහ රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව වාර්තා වේ .

එම කාන්තා ව , වැලිවේරිය ප්‍රදේශයේ පදිංචිව සිටි 68 හැවිරිදි අයෙකි .

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here