මාරක අනතුරකින් තිදෙනෙක් ජීවිතක්ෂයට

0
1

අද (05) අලුයම නාරම්මල කුරුණෑගල මාර්ගයේ නාරම්මල නගරය ආසන්නයේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. කුරුණෑගල සිට නාරම්මල දෙසට ධාවනය වූ නොරි රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව දකුණු පසට ඇදීී ගොස් කටුනායක සිට අක්කරෙයිපත්තුව දක්වා ධාවනය වූ ලංගම බස් රථයක ගැටී තිබේ. අනතුරින් ලොරි රථයේ රියැදුරු , පිරිමි පුද්ගලයකු හා කාන්තාවන් දෙදෙනකු සහ ළමුන් දෙදෙනකු තුවාල ලබා රෝහල්ගත කොට ඇති අතර එහිදී ලොරි රථයේ රියැදුරු, එහි ගමන් කළ පිරිමි පුද්ගලයකු හා කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇත. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 41, 80 සහ 82 වයස්වල පසු වන පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිකරුවන් තිදෙනෙකි. බස් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර නාරම්මල පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here