මාදුරුඔය හෙළිකොප්ටර් අනතුරින් 05ක් ජීවිතක්ෂයට

0
4


අද (09) උදෑසන මාදුරුඔය ජලාශයට කඩාවැටුණු ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙළිකොප්ටර් යානයේ සිටි හමුදා සාමාජිකයින් 05 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.

ඔවුන් පොළොන්නරුව රෝහලට ඇතුළත් කිරීම් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවයි වාර්තා වුණේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙළිකොප්ටර් යානයක් අද (09) උදෑසන 8.15 පමණ මාදුරුඔය ජලාශයට කඩා වැටී මෙම අනතුර සිදුව තිබුණා.

යානය අනතුර ලක්වන අවස්ථාවේ දී ගුවන් නියමුවන් දෙදෙනා ඇතුළු 12 දෙනෙකු එහි ගමන්කරමින් සිටි බවයි ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහන් කළේ.

ඔවුන් සියලුම දෙනා ඇතුළත් කෙරුනේ පොළොන්නරුව මහ රෝහලටයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here