මාදැල් ධීවරයින් ඇරඹූ සත්‍යග්‍රහය අඛණ්ඩව සිව්වන දිනටත්

0
2

ජනාධිපති කාර්යාලය ඉදිරිපිට මාදැල් ධීවරයින් ආරම්භ කළ සත්‍යග්‍රහය අද (08) සිව්වන දිනටත් ක්‍රියාත්මක වේ.

ට්‍රැක්ටරකයකට සවි කරන ලද වින්ච් යන්ත්‍ර මගින් සිදු කරන මාදැල් ධීවර කටයුතුවලට පනවා ඇති තහනම ඉවත් කරන ලෙස ඉල්ලා ධීවරයින් පිරිසක් පසුගිය 5වනදා සත්‍යග්‍රහයක් ආරම්භ කරනු ලැබීය.

ඔවුන් සඳහන් කර සිටියේ අවස්ථා කිහිපයකදී ධීවර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන් සමග සාකච්ඡා පැවැත්වුවද එය අසාර්ථක වීම හේතුවෙන් මෙලෙස සත්‍යග්‍රහයක් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here