මාතෘත්වය යනු මෙළොව ඇති උතුම්ම පදවියයි. දරුවකු කුස පිළිසිඳ ගත් දා සිට අනේක විධ ශාරීරික හා මානසික වෙනස්කම් දරාගනිමින් මෙලොවට නීරෝගී දරුවකු දායාද කිරීම සෑම මවකගේම පැතුමය. නූතන සමාජය තුල රැකියා කේෂත්රය තුල කාන්තාවගේ භූමිකාව ක්‍රමයෙන් පුළුල්ව ඇත. දරුවන් ලැබුන පසුද තම රැකියාව කිරීම සාමාන්‍ය තත්ත්වයකි. එනිසාවෙන්ම රැකියා වල නියුතු මව්වරුන් උදෙසා රජය විසින් නොයෙකුත් අණපනත් හඳුන්වා දී ඇත. මෙම අණපනත් පිළිබඳ ඔබ අවබෝධයෙන් සිටීම වැදගත්ය. එනිසාවෙන්ම ඔබටත් ඔබේ දරුවා වෙනුවෙනුත් මෙම අණපනත් හරහා ලැබෙන් ප්රතිලාභ පිළිබඳව අප ඔබ දැනුවත් කරන්නෙමු.
පළමු හා දෙවන සජීවී දරු ප්‍රසූතීන් සඳහා වැටුප් සහිතව මාතෘ නිවාඩු දින 84 ක් එනම් සති 12ක් සම්මත කොට ඇත. මෙම නිවාඩු දින 84 හිමිවන්නේ වැඩ නොකරන දින, පෝය නිවාඩු සහ ව්‍යවස්ථාපිත නිවාඩු දිනයන් හැරය. මෙම සති 12න් සති 2 ක් දරු ප්‍රසූතිය සිදුවන දිනයද ඇතුළුව දරු ප්‍රසූතියට පෙර ලබා ගත හැකි අතර ඉතිරි සති 10 දරු ප්‍රසූතිය සිදු වූ දිනයෙන් පසු ලබා ගත හැකිවේ.
මෙබඳු දරු ප්‍රසූතියක් සිදුවූ අවස්ථාවක ඇයට හිමි වන්නේ දින 42ක ප්‍රසූතිකාධාර නිවාඩුවක් පමණයි. මෙම කාලය ද ගණනය කරන්නේ ඉහත සඳහන් දින ගණනය කල පරිද්දෙන් සියලූම නිවාඩු දිනයන් ඉවත්වන ලෙසයි.
ආයනයේ ස්ථිර තාවකාලික සහ අභ්‍යාසලාභීන් වෙතද මෙම නිවාඩු හිමිවේ. රාජ්‍ය අංශයේ නියුතු මවකට ඉහත දින අවසන් වූ පසුව අඩ වැටුප් සහිතව දින 84ද වැටුප් රහිතව තවත් දින 84ද ලබා ගත හැකිය. එහිදි දින ගණනය කරනු ලබන්නේ සියලු නිවාඩු දිනයන්ද ඇතුලත්වය.
මාතෘ ප්රතිලාභ ආඥා පනත අනුව දරුවාට වයස අවුරුදු 1 ක් වන තුරු වැඩ කරන දිනයක පැය 9 ක කාල පරිච්ඡේදයක් තුළදි අවම වශයෙන් විනාඩි 30 ක් බැගින් කාල පරිච්ඡේද 2ක් කිරි දීම සඳහා ලබා දෙනු ලැබේ.දරුවන්ට කිරි දීම සඳහා අවශ්‍ය පහසුකම් සේවා යෝජකයා විසින් සේවිකාවන් හට ලබා දිය යුතු වේ. සේවායෝජකයා විසින් ඒ සඳහා සුදුසු ස්ථානයක් සපයා දිය යුතුය. ආහාර හෝ විවේකගැනීම සඳහා ලබා දෙනු ලබන විරාම කාලයට අමතරව කිරි විවේක කාලය ලබා දිය යුතු අතර එම කාලය, සේවය කළ කාලයන් ලෙස සලකනු ලැබේ.
මෙම ප්රතිලාභ සියල්ල හිමිවන්නේ මාතෘ ප්රතිලාභ ආඥා පනත හා සාප්පු හා කාර්යාල සේවක පනත යටතේය.
Saru FM Media