ගම්පහ දිස්ත්‍රික්කයේ පාපන්දු ක්‍රීඩාව සඳහාම වෙන්වූ පැරණිතම ක්‍රීඩා සමාජයක් වන මාකොළ එක්සත් ක්‍රීඩා සමාජයේ 50 වන සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කරන ලද විශේෂ අන්තර් සමාජයීය සුහද පාපන්දු තරගාවලියේ ශූරතාව ග්‍රීන් පාපන්දු කණ්ඩායම විසින් දිනාගන්නා ලදී.
එහි අනුශූරතාව මාකොළ මෙරුන් පාපන්දු කණ්ඩායමට හිමිවූ අතර තෙවන ස්ථානය රෙඩ් පාපන්දු කණ්ඩායමට හිමිවිය.
තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ග්‍රීන් කණ්ඩායමේ සිදත් මාලන් හා දක්ෂතම දැල් රකින්නා ලෙස සෙනුත් හංසික තේරුණි.
මෙහිදී මාකොළ, සපුගස්කන්ද සිංහ සවිය ක්‍රීඩා සමාජය මගින් ක්‍රියාත්මක කරන “බියගමට සවියක් – ක්‍රීඩාවට ජවයක්” සංකල්පය යටතේ මාකොළ එක්සත් ක්‍රීඩා සමාජයේ පුහුණු කඳවුරුවලට සහභාගි වන ක්‍රීඩකයන්ගේ පුහුණු කටයුතු සඳහා අවශ්‍ය වන වටිනා පාපන්දු පරිත්‍යාග කිරීමක් ද සිදුවිය.
ජය සංකේත පිරිනැමීමේ අවස්ථාවට විශේෂ ආරාධිතයන් ලෙස කඩවත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අජන්ත පුෂ්පකුමාර, හිටපු පළාත් සභා මන්ත්‍රී පියසිරි බණ්ඩාරනායක, එම ක්‍රීඩා සමාජයේ අනුශාසකවරුන් වන ගාමිණී පණ්ඩිතරත්න, ලෙස්ලි අමරසිංහ, චරිත් ද අල්විස්, එම්. නන්දසිරි, ප්‍රවීන පාපන්දු ක්‍රීඩක ජගත් විජේසේකර, සෙනෙහස සවිය ප්‍රජා සත්කාර පදනමේ ප්‍රධාන විධායක නිලධාරි සචිත්‍ර නේරංජන ඇල්වලගේ හා හිටපු ග්‍රාම සේවා නිලධාරිනී අජන්තා නිශ්ශංක ඇල්වලගේ යන මහත්ම මහත්මීහු සහභාගි වූහ.
මෙහි මාධ්‍ය සම්බන්ධීකරණය මාකොළ, සපුගස්කන්ද සෙනෙහස සවිය ප්‍රජා සත්කාර පදනමේ මාධ්‍ය ඒකකය විසිනි.
මේ තරගාවලිය ඉකුත් ඉරිදා (12දා) මුලු දවස පුරාම සපුගස්කන්ද මහා විදුහල් ක්‍රීඩා පිටියේදී පවත්වන ලද අතර එයට පාපන්දු කණ්ඩායම් 05ක් සහභාගි විණි.
එහිදී ආරාධිතයන් විසින් ශූරතාව දිනූ ග්‍රීන් කණ්ඩායමට අභියෝග ශූරතා කුසලානය පිරිනැමූ අයුරු හා කඩවත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අජන්ත පුෂ්පකුමාර මහතා විසින් දක්ෂතම ක්‍රීඩකයා ලෙස තේරුණු ග්‍රීන් කණ්ඩායමේ සිදත් මාලන්ට කුසලානයක් පිරිනැමූ අයුරු මෙහි දැක් වේ.
එම ක්‍රීඩා සමාජයේ සභාපති ලාලිත සිල්වා මහතා ද මෙහි සිටී.
දෙල්ගොඩ – ඩබ්ලිව්. ඩී. විතාන හා බියගම – සුදත් පුබුදු කීර්ති
Saru FM Media