කල්පිටිය වනජීවී කාර්යාල නිලධාරීන් විසින් සංරක්ෂණය කළ කැස්බෑ පැටවුන් හාරසියයකට අධික ප්‍රමාණයක්
කන්දකුලිය කුඩාව වෙරළ තීරයේදී ඊයේ (30) මුුහුදට මුදාහැර තිබෙනවා
කැස්බෑවුන් බිත්තර දැමීමෙන් පසු එම බිත්තර වනජීවී කාර්යාලයේ නිලධාරින් විසින් ආරක්ෂිතව රැගෙන ගොස් විශේෂයෙන් සැකසූ ටැංකිවලට දමා බිත්තර වලින් පැටවුන් බිහිවීමෙන් පසුවයි මෙලෙසට මුහුදට මුදා හැර තිබෙන්නේ
කැස්බෑ පැටවුන් වෙරළ තීරයේ බිත්තර දැමීමෙන් පසු විශාල ප්‍රමාණයක් බිත්තර විනාශ වී යන අතර ඇතැම් අවස්ථාවල මිනිසුන් විසින් පරිභෝජනය සඳහාද මෙම බිත්තර ලබාගන්නා බව සඳහන්
මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමිනුයි වනජීවි කාර්යාලයේ නිලධාරීන් විසින් මෙම බිත්තර සංරක්ෂණය කර පැටවුන් බිහිවීමෙන් පසුව මුහුදට මුදා හැරීම සිදුකර තිබෙන්නේ
Saru FM Media