මහ මග නීතිවිරෝධීව ගමන් කර අනතුරක් සිදු වූ පසු පුද්ගලයෙකුට පහර දුන් තරුණයා අත්අඩංගුවට – Saru News | සිංහල

0
2

වැරදි ලෙස යතුරු පැදියක් ධාවනය කර අනතුරකට පත්වීමෙන් පසු තම ආරක්ෂක හිස්වැසුම ගලවා, නිවැරදිව මංතීරුවේ පැමිණි යතුරු පැදිකරුට පහරදුන් තරුණයක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ කුලියාපිටිය පොලිසිය විසිනි.

මෙලෙසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ කුලියාපිටිය නගරයේ නිරන්තරයෙන් ගැවසෙන අයකු බවත් අදාළ සැකකරුට එරෙහිව වෙනත් නඩු කිහිපයක්ද පැවති බවත් පොලිසිය පවසයි.

සැකකාර පැදිකරු කාන්තාවක්ද කැටුව පැදවූ යතුරුපැදිය මීගහකොටුව මන්සන්ධියෙන් ප්‍රධාන මාර්ගයට ඇතුලුවන විට ප්‍රධාන මාර්ගයේ ගමන්ගත් නියමිත මාර්ගනීති අනුව පැමිණි මැදිවයසේ අයකුගේ ගැටීමට ගොස් නවතාගන්නා අයුරු හා පසුව සැකකරු ප්‍රධාන මාර්ගයේ ගමන්ගත් පැදිකරුට ආරක්‍ෂක හිස්වැසුමකින් පහරදෙන අයුරුත් අදාළ මාර්ගයේ ගමන්ගත් මෝටර් රියක සවිකොට තිබූ කැමරාවක ඉතා සුපැහැදිළිව සටහන්ව තිබිණි.

එම මෝටර් රථ හිමිකරු එය සමාජ මාධ්‍යය වෙත මුදාහැර ඇති අතර එය ඉතා විශාල වශයෙන් ප්‍රචාරය වී තිබිණි.

0

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here