ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එක් දින ප්‍රතිපත්ති අනුපාතය නොවෙනස්ව පවත්වාගෙන යාමට තීරණය කර ඇත.
මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ ඊයේ (25) පැවති රැස්වීමේදී, එක් දින ප්‍රතිපත්ති අනුපාතය සියයට 7.75 ක පවතින මට්ටමේ නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කළ බව මහ බැංකුව කියයි.
මහ බැංකුවේ ඊයේ (25) පැවති මුදල් ප්‍රතිපත්ති මණ්ඩල රැස්වීමේ දී මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය නොවනස්ව තවදුරටත් පවත්වා ගැනීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
දේශීය හා ගෝලීය වශයෙන් සිදුවන වර්ධනයන් සහ ඉදිරි දැක්ම හොඳින් සලකා බැලීමෙන් පසුව මුදල් මණ්ඩලය මෙම තීරණයට එළඹ තිබේ.
වත්මන් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය උද්ධමනය සියයට 5 ක ඉලක්කය කරා මෙහෙයවීමට සහාය වනු ඇතැයි මුදල් මණ්ඩලයේ අදහසයි. විකාශනය වන දේශීය හා ගෝලීය ආර්ථික තත්ත්වයන් සහ මතුවෙමින් පවතින අවදානම් පිළිබඳ ලැබෙන දත්ත නිරීක්ෂණය කිරීම සහ තක්සේරු කිරීම මහ බැංකුව දිගටම කරගෙන යනු ඇත.
ශ්‍යාම් නුවන් ගනේවත්ත
Saru FM Media









