Tuesday, May 6, 2025
Saru FM Media
Home ගොසිප් පුවත් “මහින්ද රෝහලේ” කතාව කෙප්පයක්

“මහින්ද රෝහලේ” කතාව කෙප්පයක්

0
14


the-mahinda-hospital-story-is-a-hoax

අසනීප තත්වයක් හේතුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රෝහල්ගත කර ඇති බව ඇතැම් වෙබ් අඩවි කිහිපයක් හා සමාජ මාධ්‍ය පිටු කිහිපයක් අද උදෑසන වාර්තා කර තිබුණි.
ඒ මහතාව කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති බවත් දණහිස ආශ්‍රිත ශල්‍යකර්මයක් සඳහා රෝහල් ගත කර ඇති බවත් එම වාර්තා වල දැක්වුණි.
මෙම පරීක්ෂාවන් සඳහා අවස්ථා කිහිපයකම ඔහු රෝහලේ ප්‍රතිකාර කළ බවද වාර්තා විය.
මේ ගැන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මිලින්ද රාජපක්ෂ සමාජ මාධ්‍ය සටහනක් තබමින් පවසා ඇත්තේ සියලු කතා බොරු බවයි.

පට්ටපල් බොරුවක්. මහින්ද මහත්තයා විජේරාමෙ ගෙදර. ගොඩක් අය කෝල් කරල අහන නිසයි ෆේස්බුක් එකේ දැම්මේ. හැමෝටම තෙරුවණ් සරණයි.

යනුවෙන් ඔහු සඳහන් කර ඇත.
79 හැවිරිදි වියේ පසුවන මහින්ද රාජපක්ෂ මහතා පසුගිය කාලයේ අවස්ථා කිහිපයකදීම රෝහල්ගත කර තිබුණු නමුත් ඒ බොහෝ අවස්ථාවල ඔහු ඇතුළත්ව තිබුනේ විදේශයන්හි රෝහල් වලටය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here