මහින්දානන්ද 26 දක්වා රිමාන්ඩ්

0
2


අධිකරණයට ඉදිරිපත් වූ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලු‍ත්ගමගේ මහතා ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. 

මහින්දානන්ද අලු‍ත්ගමගේ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තුවක් නිකුත් කළේ ඉකුත් 16 වනදායි. 

පසුගිය රජය සමයේ චීන සමාගමකින් ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් ගෙන්වීමේ සිද්ධියට අදාළව අල්ලස් කොමිසම විසින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මිය එම නියෝගය නිකුත් කළා.

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here