හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ සතොස හිටපු සභාපති – හිටපු වෙළෙඳ ඇමති නලින් ප්‍රනාන්දු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් නන්දසිරි මල්ලවආරච්චි යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුව ඉදිරියට පවත්වාගෙන යා නොහැකි බවට විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ මූලික විරෝධතා පිළිබඳව වාචික දේශන ලබන මස 10 වැනිදා පැවැත්වීමට කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා නියම කළේය.
ඒ මෙම නඩුව අද (04දා) කොළඹ ප්‍රධාන මහාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදීය.
Saru FM Media