මහින්දානන්දට, නලින් ප්‍රනාන්දුට එරෙහි නඩුවක මූලික විරෝධතා පිළිබඳ නියෝගය කල් යයි – Saru News | සිංහල

0
2

රුපියල් මිලියන 53කට අධි මූල්‍ය පාඩුවක් රජයට සිදු කිරීම සම්බන්ධයෙන් මේ වනවිට සිරගතව සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන දෙදෙනාටත් ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු ලේකම් විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් නන්ද මල්ලවාරච්චි යන අයටත් විරුද්ධව නීතිපති විසින් ඉදිරිපත් කර තිබෙන නඩුවක මූලික විරෝධතා පිළිබඳ නියෝගය ප්‍රකාශ කිරීම මාර්තු 25 වැනිදා දක්වා කල් තබන බව කොළඹ මහාධිකරණය අද (05) නිවේදනය කර ඇත.

මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී විත්තිකාර හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන අය බන්ධනාගාරය විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

2015 වසරේ පැවැති ජනාධිපතිවරණය සමයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දේශපාලන කාර්යාලවලට බෙදාදීම සඳහා කැරම් බෝඩ් සහ දාම් ලෑලි ආනයනය කර බෙදා හැරීම තුළින් රජයට පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් විත්තිකරුවන්ට චෝදනා එල්ල වී ඇත.

මෙම කරුණට අදාළව පැනනගින අල්ලස් හෝ දූෂණ චෝදනා සම්බන්ධයෙන් වන චෝදනාවලට අදාළව හිටපු ඇමති මහින්දානන්ද අලුත්ගමගේට එරෙහිව වසර 20කද හිටපු ඇමති නලින් ප්‍රනාන්දුට එරෙහිව වසර 25ක සිර දඬුවම් නියම කර තිබේ.

එමෙන්ම එම තීන්දුවෙන් මහින්දානන්ද අලුත්ගමගේ හට රුපියල් ලක්ෂ 02ක් සහ නලීන් ප්‍රනාන්දු හට රුපියල් ලක්ෂ 4ක් වශයෙන් දඩ මුදල්ද නියම කර ඇත.


4

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here