මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවරම්කරුවකුගේ ගෝලයෙක් අත්අඩංගුවට!

0
8

රෂිකා හෙන්නායක ජනවාරි 30, කොළඹ LNW :

පොලිස් විශේෂ කාර්ය බලකායේ මොරටුව කදවුරේ නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ වැටලිමකදී , ගල්කිස්ස, රජමාවත, පලවන පටුමග හා දෙවනි පටුමග අතර ඇති ළමා උද්‍යානය අසල දී සිදුකළ වැටලිමකදී මත්ද්‍රව්‍ය සන්තකව සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

එහිදි සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 305යි මිලි ග්‍රෑම් 180 ක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 101යි මිලි ග්‍රෑම් 270 ක් සොයාගෙන තිබෙන බවද සඳහන් වේ.

අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන සඳහා ගල්කිස්ස පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙන අතර, පොලීසිය පැවසුවේ, ඔහු සිංහාරගේ අමල් ශාමින්ද සිල්වා නොහොත් කුඩු අංජු නැමැත්තාගේ මෙරට තුල මත් ද්‍රව්‍ය බෙදා හැරිම සහ මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ගබඩා කර තබන පුද්ගලයෙකු බවට එහිදී අනාවරණ වූ බවයි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here