ඒකාබද්ධ විපක්ෂය විසින් නුගේගොඩදී පවත්වන ලද ‘මහා ජන හඬ’ රැලි මාලාවේ දෙවැනි රැලිය ලබන ජනවාරි මාසයේදී පවත්වන බව විධායක කමිටු සාමාජික පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නායක උදය ගම්මන්පිල මහතා ඊයේ (24දා) පැවසීය.
‘මහා ජන හඬ’ නුගේගොඩ රැලියට සහභාගි වූ සියලු පක්ෂ වලට සහ මහජනතාවට ස්තුතිය පළ කිරීම සඳහා ඊයේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ගම්මන්පිල මහතා මෙම අදහස් දැක්වීය.
ආණ්ඩුව ගෙනයන දූෂණය, භීෂණය සහ බොරුවට එරෙහිව මෙම ‘මහා ජන හඬ’ රැලි මාලාව රට පුරා ක්‍රියාත්මක කරන බවත් දෙවැනි රැලිය පැවැත්වීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ විධායක කමිටුව රැස්වී සාකච්ඡා කරමින් සිටින බවත් ඒ මහතා කීය.
නුගේගොඩ රැලිය සාර්ථක කර ගැනීමට උදය ගම්මන්පිල, ටිරාන් අලස්, හරින් ප්‍රනාන්දු, සංජීව එදිරිමාන්න යන මහත්වරුන් විශාල දායකත්වයක් දැක්වූ බව මෙම මාධ්‍ය හමුවට එක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා පැවසීය.
චමින්ද සිල්වා – එරික් ගාමිණී ජිනප්‍රිය
Saru FM Media









