මහාචාර්ය සුනිල් ආරියරත්න විද්වතානන් විසින් විරචිත නවතම කෘති ද්වය “ගේය කාව්‍ය කර්තෘවරු” ජනගත කිරීම අද (16 දා) සවස 3.00 ට කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ දී සිදුවේ. පළමු හා දෙවන වෙළුම ලෙස ප්‍රකාශිත මෙම ග්‍රන්ථ ද්වය තුළ මෙරට විසූ ප්‍රතිභාන්විත ගේය කාව්‍ය රචකයන් 12 දෙනකුගේ නිර්මාණ, ඔවුන්ගේ සංක්‍ෂිප්ත ජීවන තොරතුරු හා රසික ශ්‍රාවක පිරිස් මෙතෙක් නොඅසා ඇති අපූරුව කරුණු අන්තර්ගත වේ. ඉමාෂි අධිපති විමල් දිසානායක මෙම ග්‍රන්ථ ද්විත්වයේ ප්‍රකාශකයා වෙයි.
Saru FM Media