මහවැලි ගඟට වැටුණු තරුණිය පොලිස් කොස්තාපල් බේරාගනී

0
20


කටුගස්තොට පොලිස් වසමේ කටුගස්තොට පාලමෙන් මහවැලි ගඟට වැටී සිටි තරුණියක් බේරාගැනීමට පොලිස් නිලධාරියෙක් කටයුතු කර තිබෙනවා.

රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරයෙක් විසින් මෙම තරුණිය බේරාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

කටුගස්තොට පාලමෙන් මහවැලි ගඟට තරුණියක් වැටී දියේ ගිලෙමින් සිටින බවට ඊයේ (10) දහවල් එම ස්ථානයට ආසන්නයේ රථවාහන රාජකාරි යෙදී සිටි පොලිස් නිලධාරියෙකුට ප්‍රදේශවාසීන් විසින් දැනුම් දී තිබෙනවා.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ එම නිලධාරියා පාලම මතින් මහවැලි ගඟට පැන එම තරුණිය බේරා ගැනීමටයි කටයුතු කර තිබුණේ.

මෙලෙස දිවි බේරාගත් තරුණිය වයස අවුරුදු 21 ක් වන කටුගස්තොට ප්‍රදේශයේ පදිංචිකාරියක්,

එම තරුණිය මේ වන විට ප්‍රතිකාර සඳහා කටුගස්තොට රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here